ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ලබන ක්‍රීඩක කොන්ත්‍රාත්තු ගත කිරීමේදී ලසිත් මාලිංගට හිමි කොන්ත්‍රාත්තුව ඔහු විසින් ප්‍රතික්‌ෂේප කර තිබේ. පාදයේ ඇතිවී තිබෙන ආබාධය හේතුවෙන් අවසන් මාස 11 ක කාලය තුළදී මාලිංගට ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව අහිමිවුණු අතර ඒ පිළිබඳව සලකා බලමින් එම කොන්ත්‍රාත්තුව ප්‍රතික්‍ෂේප කළ බව මාලිංග වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ගුණදාස කපුගේ මෑණියන් සමුගනී
ඇල්පිටිය මිරිස්වත්ත පදිංචිව සිටි සිරිබද්දනගේ ඇලිස් නෝනා මාතාව අවුරුදු 94 ක් ආයුෂ වළඳා අද (09) උදෑසන අභාවප්‍රාප්ත වුවාය.ඇය අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ගුණදාස කපුගේගේ ආදරණීය මෑණියන්ය.
ඇය දියණියන් දෙදෙනකුගේ හා පුතුන් හතර දෙනෙකුගේ ආදරණීය මෑණින්යන්වේ.
කපුගේ මාතාවගේ ආදාහන කටයුතු නොවැම්බර් 12 වන සෙනසුරාදා සවස 4.00 ට ඇල්පිටිය තණබද්දේගම මිරිස්වත්ත කපුගේ මාවතේ පිහිටි සිංහ ක්‍රීඩා පිටියේදී සිදුකිරීමට නියමිතය.
මහින්ද ට්‍රම්ප්ට සුභ පැතූ හැටි
ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුභ පතා තිබෙනවා.
ඔහු මෙම සුභ පැතුම් පණිවුඩය නිකුත් කර තිබුණේ සිය ෆේස්බුක් පිටුව හරහායි.තමා ඩොනල්ඩ් ට්‍රම්ප්හට සුභ පතන බවත් වඩාත් වැදගත්ම දේ තමාගේ රටට ආදරය කිරීම බව මෙම ජයග්‍රහණයෙන් පිළිබිඹු වන බවත් ඔහු මෙහිදි සඳහන් කර තිබුණා.
බෙදුනා ඇති එක් වී වැඩ කරමු - ට්‍රම්ප්
ඇමෙරිකාව බෙදුණ කාලය අවශයන් බවත් සෑම දෙනාටම එකට එකතු වී වැඩ කිරිමට කාලය පැමිණ ඇති බව ලෝකයේ නව බලවතා වශයෙන් පත්වූ ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන පසුව සිය පළමු කතාව කරමින් ට්‍රම්ප් මේ බව පැවැසීය. ඇමෙරිකාව ලස්සන රටක් බවට පත්කිරිමට එක්වෙන ලෙස ඔහු ආරාධනා කළේය.
ලෝක බලවතාට ජනපති අගමැති සුබ පතති
ඇමරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනපති පදවියට සුදුසුකම් ලැබූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සුබපැතුම් එක්කර තිබේ.
රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ලෙස ලැබූ ඵෙතිහාසික ජයග්‍රහණය පිළිබඳව තම උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ජනපති මෛත්‍රීපාල මහතා පවසා ඇති අතර ශ්‍රී ලංකාව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලන කාලයේ දී ඇමරිකා එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කරන බවද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන්කර ඇත. සිය ට්විටර් ගිණුම් හා ෆේස්බුක් ගිණුම් ඔස්සේ මෙසේ සුබපැතුම් පණිවිඩ එක්කර තිබේ




