ආණ්ඩුවේ මැති ඇමැතින්ට රට ගමන් තහනම්

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිසිවකුට අනිද්දා (10) සිට මසක කාලයක් විදේශගතවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව අනිද්දා (10) සිට අයවැය තුන්වැනි වර කියැවීමේ විවාදය පැවැත්වෙන දිනය දක්වා අදාළ නියෝගය බලපැවැත්වෙනු ඇත.

ජපානයේ ‘උදා වන සූර්යයා’ සම්මානය කථානායකට

කථානායක
ජපන් රජය විසින් ‍අන්තර්ජාතික සම්බන්ධතා, සංස්කෘතික ප්‍රවර්ධනය, සුබසාධනය, සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන් තුළින් විශිෂ්ටතම සේවාවක් ඉටු කළ පුද්ගලයන් උදෙසා පුද කරන උසස්ම සම්මානය වන 'උදාවන සූර්යයා' ගෞරව සම්මානය කථානායක කරු ජයසූරිය මහතාට පිරිනැමීමට තීරණය කර ඇත. 

1875 මෙයිජි අධිරාජ සමයේ ස්ථාපනය කරන ලද මෙම සම්මානය පුද කිරීම එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ජපන් රජය විසින් සිදු කර‍නුයේ සිය රටෙන් පිරිනමන උසස්ම සම්මාන පිරිනැමීම ලෙසය.

අසනීපයි කියා විමල් FCIDයෙන් එළියට එයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(07) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබේ.

පියුමි හුඟක් වෙනස් වෙලා (PHOTOS)


ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ නිතරම තම සෙල්ෆි ඡායාරූප බෙදාගන්නා තරුවක්වන පියුමි හංසමාලී නැවතත් සෙල්ෆි ඡායාරූප රැසක් සිය ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබෙනවා.

රන් කොල්ලය මෙහෙයවූ SI මාට්ටු

රන් කොල්ලය මෙහෙයවූ SI මාට්ටු
කොළඹ පිටකොටුවේ ලෝගූර් වීදියේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනයකින් රුපියල් කෝටි 4 ක් පමණ වටිනා ස්වාර්ණාභරණ තොගයක් කොල්ලකෑමේ සිද්ධිය මෙහෙයු වූ බව කියන උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කළ මෙහෙයුමකදී සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා ඔහුගේ ඥාති නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලෙන්බිදුණුවැව, කුරුළුනිකවැව ප්‍රදේශයේදීය.