ගායන ශිල්පී චාමර වීරසිංහ රිය අනතුරකට ලක්වෙයි

chamara weerasinghe
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ රිය අනතුරකින් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.ඔහු ගමන් ගත් යතුරුපැදිය ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ චාමර වීරසිංහ කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මහින්ද 23දා චීනයට

මහින්ද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ මස 23දා චීනයේ සංචාරයක නිරත වෙයි. චීන රජයේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුකරන බව හිටපු ජනාධිපතිවරයාගේ බත්තරමුල්ල කාර්යාලයේ නිලධාරියෙක් පැවැසුවේය.

චීන රජයේ නියෝජිතයන්, දේශපාලන පක්ෂවල නායකයන්, චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු හමුවීම් කිහිපයකටම හිටපු ජනාධිපතිවරයා චීන සංචාරයේදී සහභාගි වන බව ඔහු සඳහන් කෙළේය.

ආබාධිත රණවිරුවන්ට පහර දීම නින්දිත ක්‍රියාවක්‌

සේවා විශ්‍රාම වැටුපක්‌ ඉල්ලා විරෝධතාවක නිරත වූ ආබාධිත හමුදා රණවිරුවන්ට කඳුළු ගෑස්‌ ගසා ජල ප්‍රහාර එල්ල කිරීම නින්දිත ක්‍රියාවක්‌ බව, හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (07 දා) පැවැති උත්සවයක්‌ අවසානයේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කර සිටියේය.

මාදුළුවාවේ නාහිමි අපවත් වී වසරයි

අභීත යුග මෙහෙවරක් ඉටු කළ කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී අදට (8) වසරක් සපිරෙයි.

ඒ නිමිතිකරගෙන අද (8) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගුණානුස්මරණ රැස්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන බව ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියෝ පැවසූහ.

දියණියට අතවර කළ පියා වසර 18 ක්‌ හිරේ

දියණියට අතවර
සිය දහසය හැවිරිදි එකම දියණියට අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පියාට වසර 18 ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක්‌ සහ රුපියල් දස දහසක දඩයක්‌ ගෙවන ලෙසට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් නියෝග කරන ලදී.

දඩය නොගෙවන්නේ නම් තවත් සය මසක සිර දඬුවමක්‌ ද නියම විය. මෙසේ දඬුවම් නියම වූයේ අකුරැස්‌ස පදිංචි 60 හැවිරිදි එක්‌දරු පියෙකුටය.