ජපන් රජය විසින් අන්තර්ජාතික සම්බන්ධතා, සංස්කෘතික ප්රවර්ධනය, සුබසාධනය, සංවර්ධනය යනාදී ක්ෂේත්රයන් තුළින් විශිෂ්ටතම සේවාවක් ඉටු කළ පුද්ගලයන් උදෙසා පුද කරන උසස්ම සම්මානය වන 'උදාවන සූර්යයා' ගෞරව සම්මානය කථානායක කරු ජයසූරිය මහතාට පිරිනැමීමට තීරණය කර ඇත.
1875 මෙයිජි අධිරාජ සමයේ ස්ථාපනය කරන ලද මෙම සම්මානය පුද කිරීම එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ජපන් රජය විසින් සිදු කරනුයේ සිය රටෙන් පිරිනමන උසස්ම සම්මාන පිරිනැමීම ලෙසය.




