ජී.එල් පීරිස් ශ්‍රීලනිපයෙන් දොට්ට

ජී.එල් පීරිස් ශ්‍රීලනිපයෙන් දොට්ට
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී. එල්. පීරිස්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස් ඉකුත්දා පත් කෙරුණා. මෙම පත් කිරීමත් සමග ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන්නේ.

35 ට අඩු අයට ත්‍රීවීල් තහනමක්‌

 ත්‍රීවීල් තහනමක්‌
තරුණ ශ්‍රම බලකාය ත්‍රිරෝද රථ කුලී රැකියාව කෙරෙහි යොමුවීම වැළැක්‌වීමට වයස අවුරුදු 35 ට අඩු තරුණයන් එම රැකියාවේ නිරත වීම තහනම් කිරීමට ඉදිරි අයවැය යෝජනාවලියෙන් යෝජනා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.

ඊට අමතරව කුලී ත්‍රිරෝද රථ සහ නිවෙසේ කටයුතුවලට භාවිතා කෙරෙන ත්‍රිරෝද රථ වශයෙන් වර්ගීකරණය කිරීමද කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

අද කොළඹ රථ වාහන ගමනාගමනය සිදුකළ යුතු අයුරු


නොවැම්බර් 5 සෙනසුරාදා සවස 6 ට නිදහස් චත්‍රරශ්‍ර භූමියේ පවත්වන්නට නියමිත ආචාර්ය අමරදේවයන්ගේ අවසන් කටයුතු හා දවස පුරා ජනතාව දේහයට ගෞරව කරන්නට පැමිණේමේ හේතු මත සෙනසුරාදා උදේ 7 සිට රාත්‍රිය වනතුරු කොළඹ මාර්ග කිහිපයක සීමා පනවා තිබේ.

ඉන්දියා‍වේ NDTV නාලිකාවට විකාශ තහනමක්

NDTV
ඉන්දියාවේ ගුවන් හමුදා කඳවුරකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සමබර නොකොට ආවරණය කිරීමේ ‍චෝදනාවට ඉන්දියාවේ එන්.ඩී.ටී.වී නාලිකාවේ විකාශවල ගුවන් කාලය පැය 24 ක් තහනම් කර තිබේ.  ඒ අනුව නොවැම්බර් 09 වැනි දා පැය 24ක් එන්.ඩී.ටී.වී චැනලයේ ගුවන් ‍සේවා නවතිනු ඇත.

ජනවාරි මාසයේ දී පතන්කොට් ගුවන් හමුදා මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය ආවරණය කරමින් එන්.ඩී.ටී.වී හින්දි සේවාව මගින් යුධෝපාය පිළිබඳ සංවේදී කරුණු අනාවරණය කළ බව ඉන්දියාවේ තොරතුරු සහ ගුවන් විදුලි අමාත්‍යාංශය පවසයි.

මත්පැන් හා මස් අලෙවිසැල් - සිනමා හෙට වැසෙයි

මත්පැන් හා මස් අලෙවිසැල් - සිනමා හෙට වැසෙයි
අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙන හෙට දිනයේ කොළඹ මහනගර සීමාව තුළ සියළුම මත්පැන් අලෙවිසැල්, මාංශ අලෙවිසැල් හා සිනමා ශාලා වසා තැබීමට තීරණය කර තිබේ.

අමරදේව මහතාගේ අවසන් කටයුතු නිදහස් චතුරස්‍රයේදී හෙට සවස සිදුකිරීමට නියමිතය.