පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් ඊයේ අභාවප්රාප්ත වූයේ සුවහසක් රසික හදවත් හඬවමින්.
දිවි මගෙන් සමුගන්නා විට 88 වැනි වියෙහි පසු වූ එතුමා මෙලොවට බිහි වුණේ 1927 වසරේ දෙසැම්බර් මස 5 වැනි දා.
දේශීය මෙන්ම විදේශීය සම්මාන ද ලැබූ අමරදේව ශූරීන් මෙරට සංගීත ක්ෂේත්රයට සිදු කළ මෙහෙය මිල කළ නොහැකියි.




