අමරදේවයන්ගේ රෝහල් බිල රජයෙන්

අමරදේවයන්ගේ රෝහල් බිල රජයෙන්
අභාවප්‍රාප්ත අමරදේව ශූරීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ගෙවිය යුතු මුදල රජය විසින් ගෙවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ඒ ගැන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට උපදෙස් දී ඇතැයි ද, එම තීරණය සෞඛ්‍ය ඇමැතිවරයා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාට සහ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාට දැනුම් දුන්නේයැයි ද එම අමාත්‍යංශය පවසයි.

ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කළ අමරදේව මහතා ශල්‍ය කර්මයකට භාජනය කළ අතර, ඒ සඳහා අයවිය යුතු මුදල සහ වෛද්‍ය ගාස්තු මුදල වන්නේ රුපියල් 469000 ක් බවයි වාර්තා වන්නේ.