ෆෝන් එක කියලා අයන් එක කනේ තියාගෙන!
රෙදි මදිමින් සිටින විට ලැබුණු දුරකතන ඇමතුමක් නිසා දුරකතනය අතට ගෙන වැරැදීමකින් දුරකතනය වෙනුවට ඉස්තිරික්කය කනේ තබාගෙන පිළිස්සුම් තුවාල ලැබූ අයෙක් ගැන නුවරඑළියෙන් වාර්තා වෙයි.
නුවරඑළිය නගරය ආසන්නයේ පදිංචි මැදි වියේ පසුවන මේ පුද්ගලයාගේ කන්පෙත්තේ පිළිස්සුම් තුවාල ඇතත් සිදුවීම ගැන පැවැසීමට නොහැකි නිසා රෝහල්ගත නොවී මේ වනවිට සිංහල වෙදකමේ පිහිට ලබමින් සිටී.
අර්ජුන මහේන්ද්‍රන් යළි දිවයිනට
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් මහතා දිවයිනට පැමිණ තිබේ.
සිංගප්පූරුවේ සිට පැමිණි යූ.එල්. 307 යානයෙන් ඔහු අද පස්වරු 4.08ට කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.
මහබැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටුවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දින ඔහු සිංගප්පූරුව බලාගොස් තිබිණ.
අමරදේවයන්ගේ අවසන් කටයුතු සැළසුම වෙනස් වේ
අභාවප්‍රාප්තවූ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන කමිටුවේ සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න දන්වා සිටී.
මින් ඉහත වාර්තාවූ පරිදි අවසන් කැමැත්ත පරිදි දේහය වෛද්‍ය විද්‍යාලයයට බාරදීමේ තීරණය මේ අනුව වෙනස් වෙයි.මෙම තීරණය ඥාතීන්ගේ එකඟත්වය අනුව වෙනස් කළ බවද වාර්තා විය.
ජී.එල්.පීරිස්ට පිළිතුරු නැතිවෙයි
අලුත් පක්ෂයක සාමාජිකත්වය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමෙන් අනතුරුවදැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී සෘජු පිළිතුරක්දීමට ඒ මහතා අපොහොසත් විය.
පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී අද (03)පෙරවරුවේ කැඳවා තිබූ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීහු මේ පිළිබඳව විමසා සිටියහ.




