අමරදේවයන් තැනූ මාලදිවයින් ජාතික ගීය මෙන්න

National Anthem of Maldives
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් ඊයේ අභාවප්‍රාප්ත වූයේ සුවහසක් රසික හදවත් හඬවමින්.

දිවි මගෙන් සමුගන්නා විට 88 වැනි වියෙහි පසු වූ එතුමා මෙලොවට බිහි වු‍ණේ 1927 වසරේ දෙසැම්බර් මස 5 වැනි දා.

දේශීය මෙන්ම විදේශීය සම්මාන ද ලැබූ අමරදේව ශූරීන් මෙරට සංගීත ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙය මිල කළ නොහැකියි.

අමරදේවයන්ගේ රෝහල් බිල රජයෙන්

අමරදේවයන්ගේ රෝහල් බිල රජයෙන්
අභාවප්‍රාප්ත අමරදේව ශූරීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ගෙවිය යුතු මුදල රජය විසින් ගෙවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

ෆෝන් එක කියලා අයන් එක කනේ තියාගෙන!

Man puts iron to ear instead of phone
රෙදි මදිමින් සිටින විට ලැබුණු දුරකතන ඇමතුමක් නිසා දුරකතනය අතට ගෙන වැරැදීමකින් දුරකතනය වෙනුවට ඉස්තිරික්කය කනේ තබාගෙන පිළිස්සුම් තුවාල ලැබූ අයෙක් ගැන නුවරඑළියෙන් වාර්තා වෙයි.

නුවරඑළිය නගරය ආසන්නයේ පදිංචි මැදි වියේ පසුවන මේ පුද්ගලයාගේ කන්පෙත්තේ පිළිස්සුම් තුවාල ඇතත් සිදුවීම ගැන පැවැසීමට නොහැකි නිසා රෝහල්ගත නොවී මේ වනවිට සිංහල වෙදකමේ පිහිට ලබමින් සිටී.

අර්ජුන මහේන්ද්‍රන් යළි දිවයිනට

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් මහතා දිවයිනට පැමිණ තිබේ.

සිංගප්පූරුවේ සිට පැමිණි යූ.එල්. 307 යානයෙන් ඔහු අද පස්වරු 4.08ට කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.

මහබැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටුවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දින ඔහු සිංගප්පූරුව බලාගොස් තිබිණ.

අමරදේවයන්ගේ අවසන් කටයුතු සැළසුම වෙනස් වේ

අමරදේවයන්
අභාවප්‍රාප්තවූ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන කමිටුවේ සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න දන්වා සිටී.

මින් ඉහත වාර්තාවූ පරිදි අවසන් කැමැත්ත පරිදි දේහය වෛද්‍ය විද්‍යාලයයට බාරදීමේ තීරණය මේ අනුව වෙනස් වෙයි.මෙම තීරණය ඥාතීන්ගේ එකඟත්වය අනුව වෙනස් කළ බවද වාර්තා විය.