ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබේ ආදරය දිනාගත් නව පරපුරේ ජනප්‍රිය යොවුන් නිළි ධනංජි තාරුකාගේ උපන්දිනය පසුගිය සති අන්තයට යෙදී තිබුණා. වර්තමානයේ බොහෝ දෙනා සිය උපන්දින සාදය ජයටම ගනිද්දී ධනංජි ඒ වෙනුවෙන් සිදු කළේ රසවත් ආහාරවේලක් යාචකයන්ට ලබාදීමයි. ආදර්ශමත් උපන්දිනයක් ගත් ධනංජි අපට අදහස් පළ කළේ මෙලෙසිනි.
ගොළු පියා දියණියන් තිදෙනාවම දූෂණය කරලා!
තම විසිඑක් (21) හැවිරිදි වැඩිමහල් දියණිය ඇතුළු දියණියන් තිදෙනකුට කුඩා කල පටන් බරපතළ ලිංගික අතවර කළ බව කියන එම දියණියන් තිදෙනාගේ ගොළු පියා හා එම සිද්ධියට අනුබල දුන් බව කියන ආච්චි මෙම 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා නියෝග කළේය.
බොරලැස්ගමුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නුගේගොඩ අධිකරණ බල ප්‍රදේශයේ දෙදෙනෙකි.
ව්‍යාපාරිකයාට ආවා ගෲප් ප්‍රහාරයක්
"ආවා ගෲප්" කල්ලියට කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කළ යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුව පෙරේදා (31 දා) රාත්‍රියේ තියුණු ආයුධවලින් කපා තුවාල සිදු කොට ඇතැයි යාපනය පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
කඩු සහ පිහියා රැගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකු ව්‍යාපාරිකයාට පහරදී වෙළෙඳසලේ බඩුබාහිරාදිය විනාශ කිරීමට සූදානම් වීමත් සමගම එම ස්ථානයෙන් ජීප් රථයක් ගමන් කිරීම නිසා ඔවුන් පළාගිය බව වෙළෙඳ සලේ සේවකයෙකු විසින් පොලිසියට පවසා ඇත.
දිමුත්ගේ ශතකයෙන් සිම්බාබ්වේ ඉලක්කය දිගුවෙයි
දිමුත් කරුණාරත්නගේ ශතක ඉනිම කරණ කොටගනිමින් ගොඩනැගුණු ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දින අවසන් වීමට තවත් පන්දුවාර 42 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ලකුණු 201 ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව පළමු ඉනිමේ ලද ලකුණු 164 ක වාසිය සමග ශ්‍රී ලංකා පිල මේවනවිට ලකුණු 365 ක් සිම්බාබ්වේ පිලට වඩා ඉදිරියෙන් වේ.
අල්ලස් නඩුවකට දුමින්ද සිල්වා 5දා අධිකරණයට
භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට අදාළව මරණ දඬුවම ලබා සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා 2013 වර්ෂයට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ අල්ලස් නඩුවට ජනවාරි 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (01) බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
නඩුව ඊයේ (01) කැඳ වූ අවස්ථාවේ දී විත්තිකාර දුමින්ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර පැමිණිල්ල අධිකරණයට දන්වා සිටියේ සිර අංක 19189 යටතේ වැලිකඩ බන්ධනාගාරයේ 7781 / 15 මහාධිකරණ නඩු අංකය යටතේ විත්තිකරු මරණ දඬුවම ලබා දැනට සිරදඬුවම් විඳිමින් සිටින බවය.




