එල්. ටී. ටී. ඊ. කත රටින් පන්නයි

එල්. ටී. ටී. ඊ.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රූපය සහිත පෝස්‌ටර් 33 ක්‌ හා යතුරු රඳවන (කී ටැග්) තොගයක්‌ සන්තයේ තබා ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ ජර්මනියේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික කාන්තාව වහාම රටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය පසුගියදා නියෝග කළාය.

පසුගිය 11 වැනිදා චුන්නාගම් ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී චුන්නාගම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම කාන්තාව ත්‍රස්‌ත විමර්ශන ඒකකය වෙත භාරදී තිබිණි.

VAT බදු සංශෝධන අද සිට ක්‍රියාත්මකයි

Amended VAT
2016 ඔක්තෝබර් 26 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට් (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සංශෝධන අද (01දා) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත.

කිලෝ 15ක මැණිකක් රත්ගමින් මතුවෙයි (Video)

( Rathgama )
ගාල්ල රත්ගම සිරි තිලකරත්න මාවතේ පදිංදි එල්.එම්.කරුණාවංශ නම් මැණික් ව්‍යාපාරයට බලපත්‍ර‍ ඇති මහතාට කිලෝ.15 පමන බර පලිගු මැණිකක් හමුව තිබෙනවා.

මීට වසර 4කට ප්‍ර‍ථම රත්නපුරයේදී තමන් මෙම පලිගු මැණික මිලදීගත් බව ඔහු පැවසුවා. තවද මීට දින තුනකට පෙර මෙය ඔප දැමීමේදී දැක ඇත්තේ මැණික ඇතුලෙන් මාලිගා සහ දිය ඇලි පෙනෙන ආකාරයයි.මේ වනවිට මැණික් සංථාවට මේ පිළිබද මොහු දන්වා ඇත.

ලක්ෂපති තරගයේ දිනුම අබියසට ආ වැදි නායකයා (VIDEO)

වැදි නායකයා
සිරස රූපවාහිනී නාළිකාව ආරම්භ කළ "සිරස ලක්ෂපති" වැඩසටහන බොහෝ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් රූපවාහිනී වැඩසටහනක්.

සාමාන්‍ය දැනීම සහ එදිනෙදා ජීවිතයේ හමුවෙන දෑ ඇසුරින් යොමු කරන ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දී මුදල් ත්‍යාග දිනා ගනිමින් ඉදිරියට යාම මෙම වැඩසටහනේ සිදුවෙනවා.මේවන තෙක් බොහෝ දෙනෙකු මෙම තරගය සඳහා ඉදිරිපත් වූ අතර වැඩසටහනේ ආරධනා ලැබ තරගයට පැමිණි විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් ද වූවා.

නොරොච්චෝ‍ලේ යථා තත්ත්වයට

නොරොච්ච‍ලේ ලක්විජය බලාගාරය
නොරොච්ච‍ලේ ලක්විජය බලාගාරයේ දැනට අක්‍රියව පවතින විදුලිජනක යන්ත්‍රයද අද (31) දිනයේදී යථා තත්ත්වයට පත්කළ හැකි යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

අම්පාර දිස්ත්‍රික්කය සියයට 100ක් විදුලියනය කිරීමේ සහ එම දිස්ත්‍රික්කයේ විදුලි ජංගම සේවයට එක්වෙමින් ඊයේ (30) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය