රජයේ කාර්යාල වේලාවන් වෙනස්‌ කිරීමට යයි

රජයේ  කාර්යාල
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික මාර්ග තදබදය අවම කිරීම සඳහා රජයේ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව රජයේ කාර්යාල සේවා ආරම්භ කිරීම පෙරවරු 9.30 ලෙසද අවසන් කිරීම පස්‌වරු 5.30 ලෙසටද සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවකට අනුමැතිය ලැබී ඇතැයි අමාත්‍යාංශ ලේකම්වරයෙක්‌ කීය.

මට්‌ටක්‌කුලියේ ඝාතන කල්ලිය කොළඹින් පනිති

මට්‌ටක්‌කුලිය සමිට්‌පුර
මට්‌ටක්‌කුලිය සමිට්‌පුර ප්‍රදේශයේදී පුද්ගලයන් සිවි දෙනකු වෙඩි තබා ඝාතනය කළ රොෂාන් නමැත්තා විසින් මෙහෙය වූ සන්නද්ධ කල්ලිය කොළඹ නගරය අතහැර පලාගොස්‌ ඇති බව පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම සිව් මිනිස්‌ ඝාතනය සඳහා රොෂාන් නමැති හෙරොයින් ජාවාරම්කරු ඇතුළු 06 දෙනකු සම්බන්ධ වී සිට ඇති බව අනාවරණය වී තිබේ.

කොළඹ නගරය අතහැර පලාගොස්‌ සිටින සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය සමඟ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

CSN බලපත්‍රය තහනම් කරයි

රූපවාහිනී නාලිකා පවත්වා යන ආයතන සිය නාලිකාවේ සේවා අඛණ්ඩතාව පිළිබ‍ඳ වගකිව යුතු අතර එම නාලිකා දීර්ඝ කාලයක් කඩින් කඩ විකාශය කිරීම කළ නොහැකිය. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා CSN නාලිකාවේ බලපත අහෝසි කර තහනම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කළ බව අද ජනමාධ්‍ය ලේකම්වරයා දැනුම් දී ඇත.

පසුගිය රජය සමයේ අරඹන ලද මෙම නාලිකාවේ අයිතිය සම්බන්ධයෙන් පරස්පර විරෝධතා පැවතීම නිසා වෙනම නඩුවක්ද තවමත් විභාග වෙමින් පවතී.මෙම ආයතනය අයත් බාහිර පටිගත බස් රථයද පසුගියදා රාජසන්තක වූ අතර පසුව එය ජාතික රූපවාහිනියට පැවරිණි.

එජාපය බැඳුම්කර වංචාව සැඟවීමේ උත්සාහයක!

බැඳුම්කර වංචාව
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාව සැඟවීමේ අසාර්ථක උත්සාහයක එක්සත් ජාතික පක්ෂය නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශන වර්තාව එම කමිටුවේ සාමාජිකයින් බහුතරයකගේ එකඟතාවයෙන් පසුගියදා සම්මත කරගනු ලැබීමෙන් පසුව එජාපය මෙම උත්සාහයේ නිරත වෙමින් සිටින බව පැවැසේ.

පොලිසියට වෙඩි තැබීමට අයිතියක් නෑ

පොලිස්
පොලිස් අණ නොතකා කිසියම් ධාවනය කරන වාහනයකට වෙඩි තැබීමට පොලිසියට බලයක් නැති බවත්, වෙඩි තැබීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසයි.

පොලීසිය වාහනයක් නවත්වන ලෙස අණ කළ විට නතර කිරීම සෑම රියදුරෙකුගේම වගකීමක් වුවත් එසේ නොවන අවස්ථාවක ලුහුබැඳ ගොස් අත් අඩංගුවට ගැනීම හෝ ඊළඟ මුරපොලට දැනුම් දීම කළ යුතු බවත්, වෙඩි තැබීම නීති විරෝධී බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.