උද්ධමනය ඉහළට

උද්ධමනය
ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 4.7 දක්‌වා සුළු වශයෙන් ඉහළ ගොස්‌ ඇත.පසුගිය අගෝස්‌තු මස පැවැති උද්ධමනය සියයට 4.5 ක්‌ විය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත.මේ අනුව අගෝස්‌තු මාසයේ 113.3 ක්‌වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දර්ශක අගය ඉකුත් සැප්තැම්බර් මාසයේදී දර්ශක අංක 113.5 ක්‌ දක්‌වා සියයට 0.2 කින් ඉහළ ගොස්‌ තිබේ.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ පිලේ ඔටුන්න රංගන හේරත්ට

රංගන හේරත්
සිම්බාබ්වේ සංචාරය පිටත්ව යැමට පෙර ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් පුහුණු සැසියේදී කණ්‌ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්‌ මස්‌ පිඩු පෙරළීමේ (බත්කෙණ්‌ඩ) ආබාධයකට ලක්‌වීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ පිලේ නායකත්වය රංගන හේරත්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා ඊයේ (23 දා) සන්ධ්‍යාවේ පවසා සිටියේ ''මැතිව්ස්‌ හදිසියේ පුහුණුවීම්වලදී ආබාධයකට ලක්‌ වුණා. මට හිතෙන විදිහට ඔහුට සම්පූර්ණ සිම්බාබ්වේ සංචාරයම අහිමි වෙයි. අපි රංගන හේරත්ව නායකත්වයට පත් කරනවා. මැතිව්ස්‌ වෙනුවට කණ්‌ඩායමට ගේන්නෙ කවුද කියල තවම සාකච්ඡා කරනවා'' යනුවෙනි. වාර්තාවන අන්දමට උපුල් තරංග හෝ සඳුන් වීරක්‌කොඩි මැතිව්ස්‌ වෙනුවට කීඩා කරනු ඇත.

ශිවගීතා ප්‍රභාකරන් අත්අඩංගුවට

ශිවගීතා ප්‍රභාකරන්
ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත මඩකළපුව හිටපු නගරාධිපති ශිවගීතා ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මඩකළපුව - ත්‍රීකුණාමලය මාර්ගයේ පිහිටා ඇති හිටපු නගරාධිපතිවරියට අයත් නිවසක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි.

යාපනයේ බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක් !

යාපනයේ බුද්ධි අංශ
යාපනයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය යාපන විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ ශිෂ්‍යයකු වන විජයකුමාර් සුලක්ෂන්ගේ නිවස පිහිටි චුන්කාමම් හි දී රජයේ බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක් සිදුව ඇතැයි වාර්තාවේ.ඔවුන් දෙදෙනා වහාම රෝහල ඇතුලත් කර තිබේ.

සුලක්ෂන් සිසුවාගේ නිවස පිහිටියේ යාපනය චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දරෝඩෙයි ප්‍රදේශයේ ය.

විදුලි වාහන ආරෝපණය කිරීම සඳහා නව ගාස්තු ක‍්‍රමයක්

විදුලි වාහන ආරෝපණය
විදුලි වාහන ආරෝපණය කිරීම සඳහා නව ගාස්තු ක‍්‍රමයක් සහ ඒ සඳහා ඉලෙක්ට්‍රෝනික කාඞ් පතක් හඳුන්වාදීම,පසුගියදා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ‍්‍රයේදී සිදුකෙරිණි.

මෙමගින් කාර්යභහුල සහ කාර්යභහුල නොවන යන අවස්ථා දෙකේදීම විදුලි වාහන හිමිකරුවන්ට අපහසුවකින් තොරව අවම මිලක් යටතේ සිය වාහන ආරෝපණය කරගැනීමට පහසු මෙන්ම සරල ක‍්‍රියාදාමයක් හඳුන්වාදී තිබේ.