ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි වසර සඳහා කොන්ත්‍රාත් හිමිවූ ක්‍රීඩකයන් 17 දෙනා අතරට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ අංක එකේ ටෙස්ට් වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ධම්මික ප්‍රසාද් ඇතුළත් නොවීම මේවන විට කතාබහට ලක්ව ඇත.
පසුගිය වසරේ පැවැති ටෙස්ට් තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාව දවාගත් ක්‍රීඩකයා වූයේ ධම්මික ප්‍රසාද් ය.ආබාධ සහිත තත්ත්වයේ පසුවන එම ක්‍රීඩකයන් සුවය ලැබීමෙන් අනතුරුව ඔවුනට කොන්ත්‍රාත් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කළ ද, දැනට කොන්ත්‍රාත් හිමිවී ඇති පිරිස අතර ආබාධයන්ට ලක්වූ දුෂ්මන්ත චමීර සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් ද සිටීම විශේෂත්වයකි.