නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරයි (VIDEO)

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා දීමට බලාපොරොත්තු වන බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මාලිංග, ප්‍රසාද්, තිසරට ක්‍රිකට් කොන්ත්‍රාත් නැහැ

මාලිංග
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි වසර සඳහා කොන්ත්‍රාත් හිමිවූ ක්‍රීඩකයන් 17 දෙනා අතරට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ අංක එකේ ටෙස්ට් වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ධම්මික ප්‍රසාද් ඇතුළත් නොවීම මේවන විට කතාබහට ලක්ව ඇත.

පසුගිය වසරේ පැවැති ටෙස්ට් තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාව දවාගත් ක්‍රීඩකයා වූයේ ධම්මික ප්‍රසාද් ය.ආබාධ සහිත තත්ත්වයේ පසුවන එම ක්‍රීඩකයන් සුවය ලැබීමෙන් අනතුරුව ඔවුනට කොන්ත්‍රාත් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කළ ද, දැනට කොන්ත්‍රාත් හිමිවී ඇති පිරිස අතර ආබාධයන්ට ලක්වූ දුෂ්මන්ත චමීර සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් ද සිටීම විශේෂත්වයකි.

උසාවිය නිහඬයි වාරණය ඉවරයි

උසාවිය නිහඬයි
ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඞයි“ චිත්‍රපටයට එරෙහිව පනවා තිබු වාරණ නියෝගය ඉවත් කර තිබේ.

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලූ කොළඹ දිසා අධිකරණය අදාළ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළක්වාලමින් පසුගිය 05 වැනිදා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

මුදල් ඇමැති නමින් ෆේස්බුක් හිටිය පුද්ගලයා දැලේ

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍ෙම්න්තුව මඟින් ඊයේ (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනිණි. 

මෙසේ අත්අඩංගුවට ගැනුණේ අංක 33, බලන්ගොඩ පාර, පැල්මඩුල්ල යන ලිපිනයේ පදිංචි ඩී. එම්. ආර්. සාගර දියගම නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි. පැය කිහිපයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු කොටුව අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ජනපති අනුමැතිය නැතිව වනාන්තර එළි කරනු බැහැ

ජනපති
වනාන්තර එළි පෙහෙළි කිරීමේදී අදාළ ආයතනයන්ගෙන් අනුමැතිය ලබා ගන්නා සේ තමාගේ ද අත්සන ලබා ගත යුතු බවට චක්‍රලේඛයක් ඉදිරියේ දී නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (20) බත්තරමුල් මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.