සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී. ය හා අල්ලස් කොමිසම දේශපාලන න්යායපත්රවලට අනුව කටයුතු කරන බවට සැක පළකරමින් කර තිබෙන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතළ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා පෙන්වා දුන් ආයතන හසුරුවන්නේ කාගේ හෝ දේශපාලන න්‍යාය පත්රයකට නම් ඒ කාගේදැයි ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බවයි.




