පොලිස් කාන්තාවන්ට ‍පොලීසියෙන්ම ලිංගික හිරිහැර

පොලිස් කාන්තා නිලධාරීන්ට ‍පොලීසියේම නිලධාරීන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බවට ජාතික ‍පොලිස් කොමිසමට පැමිණිලි රාශියක්ම ලැබි ඇත.

ඒ බව අනාවරණය වන්නේ ජාතික ‍පොලිස් කොමිසමේදී ඊයේ (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ජාතික ‍පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

කාන්තා නිලධාරිනියන්ට සිදුවන එවන් ක්‍රියා නැවැත්වීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කෙරෙන බවත් මේ වනවිට දිවයිනේ පළාත් 09 නියෝජනය වන ලෙස කාන්තා නිලධාරිනියන්ගේ ගැටලු පවසන්නට සහකාර ‍පොලිස් අධිකාරිවරියන් 09 දෙනෙක් පත්කර ඇති බවත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියැවිණි.

තමන්ට සිදුවන දුක්ගැහැට පිරිමි නිලධාරියකුට පැවැසීම කාන්තාව මැලිකමක් දක්වන බැවින් කාන්තා නිලධාරිනියන් ඒ සඳහා පත් කිරීමෙන් වැඩි වශයෙන් කාන්තා නිලධාරීන්ට සිදුවන අතවර හිරිහැර ගැන කරුණු හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයිද එහිදී සඳහන් විය.

ගයාන් කුමාර වීරසිංහ