මුහුද යටින් යන කේබල් පද්ධතියක් මගින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මෙගාවෝට් 500ක් දක්වා විදුලි බලශක්තියක් ලබාගත හැකි බවත් සම්බන්ධතා මාධ්‍යයක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලි අපනයනය මතෛක් පමා වී තිබූ බවත් ඉන්දීය රාජ්‍ය විදුලිබල අමාත්‍ය ලේකම් පී.කේ. පුජාරී මහතා ඉන්දීය මාධ්‍ය වෙත ඊයේ (11) ප්‍රකාශ කර ඇත.




