ඉන්දියාවේ විදුලිය මුහුද යටින් ලංකාවට

මුහුද යටින් යන කේබල් පද්ධතියක් මගින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මෙගාවෝට් 500ක් දක්වා විදුලි බලශක්තියක් ලබාගත හැකි බවත් සම්බන්ධතා මාධ්‍යයක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලි අපනයනය මතෛක් පමා වී තිබූ බවත් ඉන්දීය රාජ්‍ය විදුලිබල අමාත්‍ය ‍ලේකම් පී.කේ. පුජාරී මහතා ඉන්දීය මාධ්‍ය වෙත ඊයේ (11) ප්‍රකාශ කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයන් 30කගේ බෝනස් වැඩිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අදාළ සංචිතයේ ක්‍රීඩකයන් තිස්දෙනකු සමඟ එකඟත්වයට පැමිණීමට නියමිත ගිවිසුමෙහි කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ කටයුතු ඉදිරි සතියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

එළැඹෙන සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය සඳහා මේ මස 23දා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වීමට නියමිත අතර ඉන් පෙර ක්‍රිකට් ආයතනය සමඟ මෙකී ක්‍රීඩකයන් 30 දෙනා ප්‍රධාන කොන්ත්‍රාත්තු සඳහා අස්සන් කළ යුතුව ඇතැයි පැවැසේ.

සිකුරු වෘශ්චිකයට යයි රටට අධික වැසි සහිත කාලගුණක්


හෙට එනම් ඔක්තෝබර් 13 දා ගුරුදා රාත්‍රී 07:30 පමණ වන විට සිකුරු ග්‍රහයා වෘශ්චික රාශියට පිවිසෙයි. සිකුරු යනු ප්‍රධානත ම ජල කාරක ග්‍රහයා ය. වෘශ්චිකය ද ජල රාශියකි. එහෙත් වෘශ්චිකය සමන්විත වන්නේ එක තැන පල්වෙන විෂ සහිත දියරයෙනි. මේ වන විට එහි සෙනසුරු තැන්පත්ව බුධ හිමි නැකතක ගමන් කරයි.

ඔක්තෝබර් 13 දා සිට 16 දා දක්වා සිකුරු ගුරු හිමි විසා නැකතේ ගමන් ගන්නා අතර එකී දිනවලදී අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකිව තිබේ.

රමිත් රඹුක්වැල්ලට රු: 29000 දඩයක්

නොසැලකිලිමත් ලෙස රිය පදවා කොළඹ නිදහස් මාවතේ දී රිය අනතුරක් සිදුකළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ( Ramith rambukwella ) තමාට එරෙහිව තිබූ චෝදනා පහටම වැරදිකරු බව අද (11) අධිකරණයේදී පිළිගත්තේය.

ඒ අනුව චෝදනා පහටම ඔහු වැරදිකරු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා ඔහුට රුපියල් 29000ක දඩ මුදලක් නියම කළ අතර තාවකාලිකව අත්හිටුවා තිබූ රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රයද මුදා හැරීමට නියෝග කළේය.

දහම්ගේ ප්‍රභූ ආරක්ෂකයින් ඉවතට

ටවුන්හොල් හි පිහිටි “ක්ලික්” නැමැති රාත්‍රී සමාජ ශාලාවේ පසුගිය (07) වැනිදා ඇතිවූ ගැටුම සම්බන්ධ සිදුවීමත් සමග ජනපති පුත් දහම් සිරිසේන සමග සිටි සියලුම ප්‍රභූ ආරක්ෂකයින් ඉවත් කර ඇති බව වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙසින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.