තම මව ළඟ ජීවත් වන බාල මල්ලිට මව දිනපතාම රාත්‍රියේ නිදි පෙති දි අනියමි සැමියකු නිවසට ගෙන්වා ගන්නා බව පවසමින් සහ නිදි පෙති දීම නිසා මල්ලි අසීමිත ලෙස මත්වීමට පත්ව ඇතැයි පවසමින් සාමනේර හිමිනමක් පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
තම දෙවැනි මල්ලි සමග පැමිණ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිළධාරි කේ. කේ. කීර්තිරත්න වෙත මෙම පැමිණිල්ල කර තිබෙනවා.




