තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් රෝහල් ගතකොට තුන්වැනි සතියද ඉක්ම යමින් තිබුණද ඇයගේ රෝගී තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයක පවතින බව අලුත්ම ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් ප්‍රකාශ වේ.
ඇය සිහිසුන්ව සිටින බවත් එම තත්ත්වයෙහි වෙනසක් නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කොට ඇති අතර ඉන්දියාවේ සමාජ මාධ්‍ය බොහොමයක් වාර්තා කර ඇත්තේ ඇය මොළයේ මරණයකට බඳුන් වී ඇති බවය.




