මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි

"අද මෙයාලා දෙන්නා එක්වෙලා මේ රට දෙකඩ කඩන්න කෑලිවලට කඩන්න හදනවා" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"ඇමතිවරු පස්සෙත් සීඅයිඩිය දානවා මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගේ ඉස්සරහත් ඒකකයක් දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා. මම කිව්වා ඇවිල්ලා පුටුවක් තියලා ලියා ගන්නවා කියලා. මොකද මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා එළියේ ගහන්නේ. ඒ නිසා ඒ ගැරන්ටිය අපිට දෙන්න පුළුවන් රෑට ආප්ප කාලා ‍කරන්නේ නෑ " යැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රත්නපුරේදී අද පස්වරුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය අමතමින් කියා සිටියේය.

සෙලිනා පුනරුත්ථාපනයට

සෙලිනා ගෝමස් නම්වූ යොවුන් පරපුරේ ආදරය දිනාගත් ගායිකාව ගැන දුක්මුසු පුවතක් අසන්නට ලැබෙනවා. තවමත් 24 වැනි වියෙහි පසුවන සෙලීනා, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි පැවසෙන්නේ. 

මාස කිහිපයක් තිස්සේ මේ ආරංචිය පැතිරී ගියත්, අද වන විට ඇය රෝගී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි ඇගේ සමීපතමයන් පවසන්නේ. පසුගිය වසරේ ඇගේ සිරුරේ සම මතුපිට රෝගී තත්ත්වයක් ද මතු වුණා.

දුම් පරික්ෂාවේ ප්‍රමිතියේ වෙනසක්

වාහන දුම් පරීක්ෂාවේදී තිබිය යුතු කාබන් මෙනොක්සයිඩ් වායු ප්‍රතිශතය පරිසර අමාත්‍යංශයේ උපදෙස් පරිදි 6% සිට 4% දක්වා අඩුකර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වායු විමෝචන වැඩසටහනේ උසස් නිළධාරියෙකු පැවසීය.

ඒ අනුව නව ප්‍රමිතිය පසුගිය මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද ඔහු කියාසිටියේය.

කිරිහරක්‌ 20 ගානේ පවුල්වලට බෙදනවා

අවුරුද්දක්‌ ගියා තාම මොකුත් දීමට බැරි වුණා. අමතක නොවන වැඩ පිළිවෙළක්‌ ආරම්භ කරනවා. ඉවසීම තියා ගන්න. වෙච්ච පොරොන්දුව ඉටු කිරීමට බැරි නම් ඡන්දය ඉල්ලන්නේ නැතැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය බදුල්ල දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල වැලිගම හෝටලයේදී පසුගියදා සැප්. 25 දා පැවැති ජනහමුවක්‌ අමතා පැවැසීය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩවිවේල් සුරේෂ් මහතා මහ ලේකම් ලෙසත් පත්වීමෙන් අනතුරුව වතු ප්‍රජාව විසින් සිදුකළ පිළිගැනීම නිමිතිකොට එම ජනහමුව පවත්වන ලදී.

එජා මීළඟ මහලේකම් ඇන්ටෝනියෝ ගිටරෙස්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළඟ මහලේකම්වරයා ලෙස එහි ආරක්ෂක මණ්ඩලය විසින් පෘථිගාලයේ හිටපු අගමැති ඇන්ටෝනියෝ ගිටරෙස් මහතා ඒකමතිකව අනුමත කර තිබේ.

වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ නිල කාලය මේ වසරෙන් අවසන් වීමට නියමිත අතර ඒ අනුව එළඹෙන 2017 වසරේ මුල් කාලයේ සිට ඇන්ටෝනියෝ ගිටරෙස් මහතා එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.