මහ නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ යතුරුපැදිය ගැටී බරපතළ තුවාල ලබා මාස අටක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සන්දීප් සම්පත් තරුණයා සුවය ලබා හෝමාගම පිටිපන පිහිටි සිය නිවසට ගොස් ඇත.
සන්දීප් ඉකුත් පෙබරවාරි 28 දා රාත්‍රි රාජගිරියේදී ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය පාඨලී චම්පික ඇමැතිවරයාගේ ජීප් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක් ප්‍රතිකාර ලැබීය. පසුව ඔහු රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලැබීය.




