මනාලයෙක් සොයා ගැනීම සඳහා අන්තර්ජාලයේ විවාහ යෝජනාවක පළ කළ මහරගම අධිකරණ බල ප්‍රදේශයේ ගුරුවරියකට බොරු විවාහ පොරොන්දුවක් ලබාදී ඇය සතු රුපියල් ලක්‍ෂ හතරක පමණ මුදලක් වංචා සහගතව ලබාගෙන සැඟවී සිටින හොර ඉන්ජිනේරුවකු අත්අඩංගුට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව මහරගම පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ මෙම ගුරුවරියට මනාලයෙක් සොයා ගැනීම සඳහා පසුගිය දිනක ඇය අන්තර්ජාලයේ විවාහ යෝජනාවක් පළ කර ඇති බවත් එම දැන්වීම දුටු සැකකරු තමා ඉන්ජිනේරුවකු බව පවසා ඇයව විවාහ කර ගැනීමට පොරොන්දුවක් ලබාදී ඇති බවත්ය.




