එට්‌කා අත්සන් කිරීම ලබන මාර්තුවේ

ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමට (ETCA) අත්සන් තැබීම ලබන වසරේ (2017) මාර්තු මාසයේදී සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

රජය මුලින් ප්‍රකාශ කළේ එම ගිවිසුමට මේ වසර (2016) අගදී අනිවාර්යයෙන්ම අත්සන් කරන බවයි. එහෙත් පුළුල් වශයෙන් සාකච්ඡා කොට බොහෝ පාර්ශ්වයන්ගේ එකඟත්වය ඇතිව මෙය අත්සන් කිරීමට දෙරට තීරණය කිරීම නිසා එට්‌කා සාකච්ඡා මේ වසර අග වන විට අවසන් කිරීමට දුෂ්කර වී ඇත. මේ නිසා ලබන වසර අගදී දෙරටේ විවිධ පාර්ශ්වයන්ගේ පුළුල් එකඟත්වය සහිතව මේ ගිවිසුම අත්සන් කෙරෙනු ඇත.

අනුලා විදුහල්පතිනියට නොතීසි

ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා අවස්‌ථා දෙකකදී අනුමත කර තිබියදීත් තුන්වැනි ශ්‍රේණියට සිසුවියක ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා වහාම පෙනී සිටින ලෙස දන්වා නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.

විදුහල්පතිනියගේ එම අසාධාරණ ක්‍රියාකලාපය නිසා පෙත්සම්කරුගේ දියණියට මාස තුනක්‌ තිස්‌සේ පාසලක්‌ නොමැතිව නිවසේ සිටීමට සිදුවී ඇති බව පෙන්වා දෙමින් පෙත්සම්කාර අසංක ක්‍රිස්‌ටෝපර් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිsටි නීතිඥ ලක්‍ෂාන් ඩයස්‌ මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා ප්‍රීති පද්මන් සූරසේන යන ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

විග්නේෂ්වරන් මහ ඇමැතිකමින් ඉවතට?

උතුරු පළාත් ප්‍රධාන ඇමැති ධුරයෙන් සී. වී. විග්නේෂ්වරන් මහතා ඉවත් කිරීම කෙරෙහි ද්‍රවිඩ ජාතික සන්ධානයේත්, තමිල් අරසු පක්‌ෂයේත් අවධානය යොමු වී ඇත. දකුණේ ජාතිවාදය ඇවිස්‌සෙන අයුරින් උතුරේ... සුළු කණ්‌ඩායමක්‌ සමග කටයුතු කරමින් රටේ ඒකීයභාවයට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කිරීම නිසා විග්නේෂ්වරන් මහතා උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස තවදුරටත් කටයුතු නොකළ යුතු බව එම පක්‌ෂ දෙකේ බහුතර මතය වී තිබේ.

'දෙමළුනි නැගිටිව' යන තේමාව යටතේ පසුගියදා විග්නේෂ්වරන් මහතා විසින් මෙහෙය වූ හර්තාලය ඔහුගේ නොමනා ක්‍රියාකලාපයට එරෙහිව පියවර ගැනීම සඳහා වන ආසන්නතම හේතුව බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ ප්‍රකාශ කළේය.

කාන්තාවන්ට විශේෂයි... රහස්‌ රෝගයක්‌ නොවෙයි

නිරෝගී බව කියන්නේ මිනිසකුට මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභයයි. එය සෑම ගැහැණු පිරිමි පුද්ගලයකුගේම ප්‍රීතිමත් ජීවිතයක ප්‍රධාන රහසයි. පිරිමි පාර්ශ්වයට වැළඳෙන රෝගවලට සාපේක්‍ෂව කාන්තා පාර්ශ්වයට වැළඳෙන රෝගාබාධ විවිධය. 

මේවා අතුරින් කාන්තාවන්ට පමණක්‌ම වැළඳෙන රෝගාබාධද පවතී. මෙම රෝග පිළිබඳ සමාජය එතරම්ම ප්‍රසිද්ධියේ කතාබහ කරනවා අඩුය. එය අප රටේ සමාජ ක්‍රමයේ ප්‍රශ්නයක්‌ වුවත් එම රෝගයන් සැඟවීම යනු ඒවා උඩු දිවීමට ලබාදෙන උදව්වක්‌ බඳු තත්ත්වයකි. ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැම රෝගයද කාන්තාවන් බහුතර පිරිසකට වැළඳෙන රෝගී තත්ත්වයකි.

දුමින්දට උණ: බන්ධනාගාර රෝහලට

මරණීය දණ්ඩනයට නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා හදිසියේ හට ගත් උණ රෝග තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට ඇත.

මේ පිළිබඳව කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවැසුවේ ඉකුත් 28 වැනිදා හදිසියේ ඇතිවූ උණ රෝග තත්ත්වයක් හේතුවෙන් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවත් තවදුරටත් ප්‍රතිකාර කටයුතු සඳහා බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බවත්ය.