ජාතික පාසල් අධ්යක්ෂවරයා අවස්ථා දෙකකදී අනුමත කර තිබියදීත් තුන්වැනි ශ්‍රේණියට සිසුවියක ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා වහාම පෙනී සිටින ලෙස දන්වා නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.
විදුහල්පතිනියගේ එම අසාධාරණ ක්‍රියාකලාපය නිසා පෙත්සම්කරුගේ දියණියට මාස තුනක් තිස්සේ පාසලක් නොමැතිව නිවසේ සිටීමට සිදුවී ඇති බව පෙන්වා දෙමින් පෙත්සම්කාර අසංක ක්‍රිස්ටෝපර් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිsටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා ප්‍රීති පද්මන් සූරසේන යන ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි පී. එන්. රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ජාතික පාසල් අධ්යක්ෂ, අධ්‍යාපන අමාත්‍යවරයා හා නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.
නිසි සුදුසුකම් සපුරා තිබියදීත් සිය දියණිය අනුලා විද්‍යාලයට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් තමා කළ අභියාචනය පිළිගත් අධ්‍යාපන අමාත්‍යාංශය ඇය අනුලා විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියට ඇතුළත් කිරීමට නිර්දේශ කළ බවත් ඒ අනුව ජාතික පාසල් අධ්යක්ෂ පී. එන්. අයිලප්පෙරුම මහතා විසින් 2015.12.11 දින ලිතව ලිපියක් යවමින් එම සිසුවියව ඇතුළත් කරගන්නා ලෙසට වගඋත්තරකාර විදුහල්පතිනියට නියෝග කර ඇති බවත් පෙත්සම්කරු එමගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.
විදුහල්පතිනිය විසින් තමා වෙත ලිතව කළ දැනුම්දීම අනුව සිය දියණිය එතෙක් ඉගෙනගත් පාසලින් අස්කරගෙන 2016.01.08 වැනි දින අදාළ ලියකියවිලිs ද සමඟ නුගේගොඩ අනුලා විදුහලට ගිය බවත් තමා කතෝලික අයකු බව දැනගත් විදුහල්පතිනිය සිය දියණියව විදුහලට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කළ බවත් එම පෙත්සම මගින් පෙත්සම්කරු වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.
ජාතික පාසල් අධ්යක්ෂවරයා නැවත අනුමත කළහොත් සිසුවිය පාසලට ඇතුළත් කරගැනීමට හැකි බව සිසුවියගේ මවට විදුහල්පතිනිය කළ දැනුම්දීම අනුව ජාතික පාසල් අධ්යක්ෂවරයාගේ උපදෙස් මත පියා සහ මව දිවුරුම් ප්‍රකාශ දෙකක් මගින් එම සිසුවිය විදුහලට ඇතුළත් කළ පසු බෞද්ධ ධර්මය ඉගෙනුම සහ බෞද්ධ වත්පිළිවෙත්වල යෙදීමට එකඟතාව පළකර ඇතැයි ද පැමිණිල්ලේ නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
එම සිසුවිය පාසලට ඇතුළත් කරගන්නා ලෙසට ජාතික පාසල් අධ්යක්ෂවරයා විදුහල්පතිනිය වෙත 20016.2.8 දින නැවත ලිතව දැනුම් දී ඇතත් කිසිදු හේතුවක් නොදන්වා එම නියෝගය ද විදුහල්පතිනිය පැහැර හැර ඇතැයි ද පෙත්සම්කාර පියා අධිකරණයට පෙන්වා දී තිබිණි.
එම සිසුවිය පාසලට ඇතුළත් කරගන්නා ලෙසට ජාතික පාසල් අධ්යක්ෂවරයා විදුහල්පතිනිය වෙත 20016.2.8 දින නැවත ලිතව දැනුම් දී ඇතත් කිසිදු හේතුවක් නොදන්වා එම නියෝගය ද විදුහල්පතිනිය පැහැර හැර ඇතැයි ද පෙත්සම්කාර පියා අධිකරණයට පෙන්වා දී තිබිණි.