ඉන්දු-ශ්රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට (ETCA) අත්සන් තැබීම ලබන වසරේ (2017) මාර්තු මාසයේදී සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
රජය මුලින් ප්රකාශ කළේ එම ගිවිසුමට මේ වසර (2016) අගදී අනිවාර්යයෙන්ම අත්සන් කරන බවයි. එහෙත් පුළුල් වශයෙන් සාකච්ඡා කොට බොහෝ පාර්ශ්වයන්ගේ එකඟත්වය ඇතිව මෙය අත්සන් කිරීමට දෙරට තීරණය කිරීම නිසා එට්කා සාකච්ඡා මේ වසර අග වන විට අවසන් කිරීමට දුෂ්කර වී ඇත. මේ නිසා ලබන වසර අගදී දෙරටේ විවිධ පාර්ශ්වයන්ගේ පුළුල් එකඟත්වය සහිතව මේ ගිවිසුම අත්සන් කෙරෙනු ඇත.




