හරීන් රනිල් එක්ක නවසීලන්තයට ගිහින්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) දහවල් නවසීලන්තයට පැමිණියා.ඒ එරට අගමැති ජෝන් කීගේ ආරාධනයකට අනුවයි.

ශ්‍රී ලංකා අගමැතිවරයා සමගින් අමාත්‍යවරු තිදෙනෙකුත් මේ සංචාරයට එක්ව සිටිනවා.ඒ අතර සිටින හරීන් ප්‍රනාන්දු පසුගිය සමයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔහුගේ පරිවාර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.

ලසන්තගේ ඝාතකයෝ ළඟදීම අත්අඩංගුවට

"සන්ඩේ ලීඩර්" ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් සියලු දෙනා මේ වන විට හඳුනාගෙන සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

මෙම සැකකරුවන් සියලු දෙනා යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ සාමාජිකයන් වන බවත් ඔවුන් ළඟදීම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

බිරියගේ නිරුවත් සෙල්ෆි වැලක් සැමියට ඇවිත්

පිටස්තරයකු තම බිරියගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප සිය දුරකතනයට එවූ කතාවකට කිපුණු සැමියකු විදෙස් සේවය නිමවා නිවෙසට පැමිණි අවස්ථාවේම බිරියට පහර දීම නිසා සැමියාට නිවෙසට පැමිණි දිනම බිරියගේ පැමිණිල්ල මත පොලිස් අත්අඩංගුවට පත්වන්නට සිදුව ඇත.

විග්නේශ්වරන්ට එරෙහිව ආණ්ඩුව දැඩි තීන්දුවකට

උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවට වැරදි ආකල්පයක් දක්වමින් ගෙන යන ක්‍රියාකලාපය පිළිබඳව මෙරට තානාපති ප්‍රජාව දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ.

යාපනය ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුළ ජීවත් වන ජනතාවගේ නිවාස, අධ්‍යාපන ආදී පහසුකම් යළි ගොඩනැංවීම වෙනුවෙන් රජය විශාල කාර්යභාරයක් කරගෙන යද්දී උතුරු පළාත් මහ ඇමැතිවරයා ක්‍රියාකරන ආකාරයෙන් දකුණේ අන්තවාදීන්ට විශාල උත්තේජනයක් ලැබෙන බවට රජයේ උපදේශකයන් දුන් උපදෙස් අනුව රජය මෙම තීරණය ගෙන ඇත.

උපන්දාම 60 පැන්න දරුවෙක්..!

මහල්ලකුගේ පෙනුමින් යුත් අලුත උපන් බිළිදෙකු පිළිබඳ පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වනවා. මෙම දරුවා ඉපිද ඇත්තේ බංග්ලාදේශයේ මගුරාහිය. වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ මේ දරුවා උපත් මිලියන 4කට එකක් පමණ වාර්තාවන Progeria නම් තත්වයේ සිටිනා බවය.

කෙසේ වෙතත් මෙම අසිරිමත් දරු උපත සම්බන්ධයෙන් දෙමාපියන් උද්දාමයට පත්වඇති බවයි වාර්තා වන්නේ.