විග්නේශ්වරන්ට එරෙහිව ආණ්ඩුව දැඩි තීන්දුවකට

උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවට වැරදි ආකල්පයක් දක්වමින් ගෙන යන ක්‍රියාකලාපය පිළිබඳව මෙරට තානාපති ප්‍රජාව දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ.

යාපනය ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුළ ජීවත් වන ජනතාවගේ නිවාස, අධ්‍යාපන ආදී පහසුකම් යළි ගොඩනැංවීම වෙනුවෙන් රජය විශාල කාර්යභාරයක් කරගෙන යද්දී උතුරු පළාත් මහ ඇමැතිවරයා ක්‍රියාකරන ආකාරයෙන් දකුණේ අන්තවාදීන්ට විශාල උත්තේජනයක් ලැබෙන බවට රජයේ උපදේශකයන් දුන් උපදෙස් අනුව රජය මෙම තීරණය ගෙන ඇත.

උපන්දාම 60 පැන්න දරුවෙක්..!

මහල්ලකුගේ පෙනුමින් යුත් අලුත උපන් බිළිදෙකු පිළිබඳ පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වනවා. මෙම දරුවා ඉපිද ඇත්තේ බංග්ලාදේශයේ මගුරාහිය. වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ මේ දරුවා උපත් මිලියන 4කට එකක් පමණ වාර්තාවන Progeria නම් තත්වයේ සිටිනා බවය.

කෙසේ වෙතත් මෙම අසිරිමත් දරු උපත සම්බන්ධයෙන් දෙමාපියන් උද්දාමයට පත්වඇති බවයි වාර්තා වන්නේ.

සිගරට් නිෂ්පාදන බද්ද රු.5කින් නගී

ඕනෑම ප්‍රමාණයක සිගරට්ටුවක් සඳහා දැනට ක්‍රියාත්මක වන නිෂ්පාදන බද්ද රුපියල් 5/-කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. එමෙන්ම බීඩි කොළ ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට පනවනු ලබන ආනයන සෙස් බද්ද රුපියල් 2,000/- සිට රුපියල් 3,000/- දක්වා වැඩි කිරීමටත්, කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

සිගරට් හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු සංශෝධනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ සලකා බැලීම පිණිස පත් කරනු ලැබූ අමාත්‍ය කමිටුවේ නිර්දේශය පරිදි,මෙම සංශෝධන සිදු කර තිබේ.

ඇමැති රංජන්ට මහින්දානන්දගෙන් නඩු

මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාස සංකීර්ණය තුළ තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය තමාට අයත් එකක් බවත්, එය පසුගිය රජය සමයේ නාවලපිටිය ප්‍රදේශයේ සිදුවූ පහරදීම් හා මිනීමැරුම් සඳහා යොදාගත් එකක් බවත් පවසමින් තමාගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සමාජ සවිබලගැන්වීම් හා සුබසාධක නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හා තමාගේ ඥාති සහෝදරයකු වන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ යන දෙදෙනාගෙන් රුපියල් කෝටි සියයක වන්දියක් අයකර දීමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩු පැවැරීය.

සුනඛයෙක් වාහනයක් එළවපු අපුරු විඩියෝව

පොලිස් නිල සුනඛයින්ගේ (Police dog) දක්ෂතා එළිදැක්වීමක් ඊයේ මහනුවරදි පැවැත්වුණා.

මහනුවර අස්ගිරියේ පැවති මේ සංදර්ශනයට පොලිස් නිල සුනඛයින් රැසක් එක්කර සිටියා.

මහනුවර අස්ගිරියේ පිහිටි ශ‍්‍රි ලංකා පොලිසියේ නිල සුනඛ මූලස්ථානය විසින් මෙම විශේෂ සංදර්ශනය ඊයේ සංවිධානය කර තිබුණා.