උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවට වැරදි ආකල්පයක් දක්වමින් ගෙන යන ක්‍රියාකලාපය පිළිබඳව මෙරට තානාපති ප්‍රජාව දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ.
යාපනය ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුළ ජීවත් වන ජනතාවගේ නිවාස, අධ්‍යාපන ආදී පහසුකම් යළි ගොඩනැංවීම වෙනුවෙන් රජය විශාල කාර්යභාරයක් කරගෙන යද්දී උතුරු පළාත් මහ ඇමැතිවරයා ක්‍රියාකරන ආකාරයෙන් දකුණේ අන්තවාදීන්ට විශාල උත්තේජනයක් ලැබෙන බවට රජයේ උපදේශකයන් දුන් උපදෙස් අනුව රජය මෙම තීරණය ගෙන ඇත.




