බීමත්ව නොසැලකිලිමත්ව රිය ධාවනය කිරීම ඇතුළු චෝදනා 5ක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් ලක්ෂාන් බණ්ඩාර රඹුක්වැල්ල මහතාට ලබන මස 18 වන දින දක්වා රිය පැදවීම සම්පූර්ණයෙන් තහනම් කළ කොළඹ රථවාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (27) නියෝග කෙළේය.
ඥානසාර හිමිට එරෙහි චෝදනා ඉල්ලයි
හෝමාගම අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථා කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් ඇති කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති සංශෝධිත චෝදනා පත්‍රය ලබන ඔක්තෝබර් මස 13 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (27) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
අදාළ සිද්ධිය මඟින් සිදු කර ඇති බව කියන අපහාස චෝදනා අවශ්‍ය නම් වෙන් වෙන්ව සවිස්තරව ඉදිරිපත් කර ගොනු කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දෙන ලදී. අදාළ පැමිණිල්ල ඊයේ (27) කැඳවූ අවස්ථාවේදී නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම දැනුම්දීම කෙළේය.
මහින්දානන්දට ඇප ලැබෙයි
හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය අද (27) නියෝග කර තිබේ.
රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇත.
පියයුරු අල්ලලා අනාගතය ගැන කියන සාස්තර
මේ සමාජයේ හුගක් අය අනාගතය ගැන අනාවැකි අහන්න කැමතියි.ඒ වගේම ඒ සඳහා විවිධ ක්‍රමත් භාවිත වෙනවා. අත බලලා සාත්තර කීම, අංජනම් බැලීම වගේ දේවල් ඒ අතරින් ඉදිරියෙන්ම තියෙනවා.
නමුත් මේ හැමදේටම වෙනස් විදිහේ දෙයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.ගැහැණියකගේ පියයුරු අල්ලලා සාත්තර කියනවා කිව්වොත් ඔබටත් පුදුම හිතේවි.චීනයේ දුම්රියකදී මේ වයස්ගත පුද්ගලයා ගැහැණුන්ගේ පියයුරු අල්ලලා සාස්තර කියනවා.



