පිළිකා රෝහ‍ලේ හෙදියන් ගබ්සාවට

මහරගම අපේක්ෂා (පිළිකා) රෝහ‍ලේ සේවය කරන හෙදියන් සැලකිය යුතු පිරිසක් ගබ්සාවන්ට ලක්ව ඇතැයි වාර්තා වේ.

එසේම උපදින දරුවන් නිසි බරකින් යුක්ත නොවීම හා නියමිත දිනයන්ට කලින් ඉපදීම වැනි බරපතළ ගැටලු ගණනාවක් මතුවනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

නිරන්තරයෙන්ම විකිරණ වලට ලක්වීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට හෙදියන්ට සිදුව ඇතැයිද ගර්භණී කාලය තුළදී නිසි ‍පෝෂණයක් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් දරුවන්ගේ වර්ධනය බාල වී ඇතැයිද හෙළිව තිබෙන බව හෙතෙම පෙන්වා දේ.

දෙමටගොඩ චමින්ද වැලිකඩින් දුම්බරට

හාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී වැරදිකරුවකු වූ දෙමටගොඩ චමින්ද නමැති අය අද (09දා) පෙරවරු 8.45 පමණ මහනුවර, පල්ලෙකැලේ පිහිටි බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙනඑන ලදී.

විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගර බස් රථයකින් ඔහු රැගෙන ආ අතර පොලිස් විශේෂ කාර්යය බලකාය හා පොලීසිය විසින් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකසා තිබිණ.

සනත් ආයෙමත් ඉස්කොලේ යයි

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය මහතා නැවත සිය පාසලට ගිය පුවතක් මාතරින් වාර්තා වේ.

ඒ Back to school නැමැති වැඩසටහන සඳහායි.

මාතර සර්වේසස් විදුහලේ ආදි සිසුවෙකු වෙන වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම විදුහලේ ආදි සිසුන් විසින් සංවිධානය කර තිබුණි.

ලංකාවට ගෙනා මිල අධිකම මෝටර් රථය

ලොව සුපිරි ධනවතුන් අත ගැවසෙන සුපිරි මෝටර් රථයක් ඔන්න ලංකාවට ඇවිත්ලු. තාම ඒක තියෙන්නේ වරායේ. Rolls Royce සමාගමට අයත් Rolls Royce Wraith කියන මෝටර් රථය තමා මෙහෙම ලංකාවට ගෙනැවිත් තියෙන්නේ.

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේක කියලා තමා ආරංචි වෙන්නේ නම්.

දුමින්දට දුන් තීන්දුවෙන් නෛතික ගැටලූ රැසක්

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිවු දෙනකු මරණයට පත් කළ සිදුවීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ දී දුමින්ද සිල්වා මහතා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා වන අභියාචනයක් පසුගිය 22 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මහාධිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩු විභාගය අවසානයේ දී ලබා දුන් බෙදුණු තීන්දුව සම්බන්ධයෙන් නීති ක්ෂේත‍්‍රය තුළ මේ වන විට විවාදාත්මක තත්ත්වයක් පවතී.