ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස එක්දින හා විස්සයි 20 ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ දිල්හාර ලොකුහෙට්ටිගේ එක්දින තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. මෙම තීරණය ඔහු අද (23දා) කොලඹ මුවර්ස් ක්‍රීඩා පිටියේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
එක්දින තරගවලින් සමුගැනීමට දිල්හාර අදහස් කර ඇත්තේ දිගින් දිගටම තමාව කණ්ඩායමට තෝරා නොගත් නිසා බවත්, කණ්ඩායම් නායකයා (ඇන්ජලෝ මැතිව්ස්) තමාට අවස්ථාව ලබාදීම දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කිරීම නිසා බවත් ඔහු එහිදී හෙළි කළේය.




