සාමාන්‍ය පෙළ දෙසැම්බර් 06දා සිට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 06 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව නව නිර්දේශය යටතේ අයැදුම්කරුවන් තුන්ලක්ෂ තිස්හතර දහස් හත්සිය අසූ එකක් සහ පැරණි නිර්දේශය යටතේ තුන්ලක්ෂ අසූ එක් දහස් එකසිය අසූ හතරක් මෙවර සාමාන්‍ය පෙළ සඳහා අයැදුම්කර ඇති බවද ඔහු සඳහන් කළේය.
චතුර සහ පොලිසිය අතර නඩුව සමථයට
රාජකාරියේ යෙදී සිටි රාගම පොලිසියේ නිලධාරීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා බැණ තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වයේ එකඟතාව මත නඩුව සමථයකට පත් කරන බව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පැවසීය.
රාගම රථ ගාලේ අයිතිය සම්බන්ධව ඇතිවූ ප්‍රශ්නයකදී චතුර සේනාරත්න මන්ත්‍රීවරයා රාගම පොලිසියේ නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කළේ යැයි රාගම පොලිසිය අධිකරණයට චෝදනා පත්‍රයක් මගින් පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
මහින්දානන්ද යළි රිමාන්ඩ්
හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
ඔහුව ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස යි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) නියෝග කර ඇත්තේ.




