නව අධ්‍යයන වර්ෂය සඳහා (2015/2016) විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (20 වැනිදා) නිකුත් කරන ලදී.
මෙතෙක් ඒ ඒ දිස්ත්‍රික්කයන්ගෙන් අදාළ පාඨමාලාවට ඇතුළත් වීමේ දිස්ත්‍රික් ඉසෙඩ් ලකුණු නිකුත් කළද මෙවර ඒ ඒ දිස්ත්‍රික්කයන්ගෙන් අදාළ පාඨමාලාව පවතින විශ්වවිද්‍යාලයේ එම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අවශ්‍ය ඉසඩ් ලකුණු නිකුත් කර තිබීම විශේෂත්වයකි. මෙම නව ක්‍රමය අනුව තමන් තේරී පත්ව ඇති විශ්වවිද්‍යාලය පහසුවෙන් දැන ගත හැකි වේ.




