ප්‍රභාකරන්ගේ ඇඳුම් ගලවන්නැයි ෆොන්සේකා කිව්වා

"රණබිම ඔස්සේ නන්දිකඩාල්" කෘතිය පිළිබඳ කතාබහ තවමත් අවසන් වී නැහැ.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචනා කළ මෙම කෘතිය මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනය ඇරඹුණු සැණින් විකිණී අවසන් වීම එයට සාක්ෂියක්.

එහි දෙවන මුද්‍රණය ද වෙළඳපොලට නිකුත් කිරීමට සියළු කටයුතු සූදානම් බව යි පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඩිල්ශාන් වැලිකඩ බන්ධනාගාරයට

තම ක්‍රිකට් ඉනිමට සමුදුන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.
මෙලෙස ඩිල්ෂාන් බන්ධනාගාරයට ගොස් ඇත්තේ එහි පැවැති වොලිබෝල් මැච් එකක් නැරඹීමටයි.

එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ඔහුගේ facebook ගිණුමට එක් කර තිබුණේ “සිරකරුවොත් මනුෂ්‍යයෝය” යන පාඨයත් සමඟින්.

මරණ දඬුවම නියම වූ සිරකරුවෙක් පැන යයි

කොළඹ ඇස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 16 වැනිදා රාත්‍රී 11.00 ට පමණ මෙලෙස පැනගොස් ඇත්තේ සිර අංක 16748 ඉරාන් භාරත නමැති දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

කොළඹ ඇස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 16 වැනිදා රාත්‍රී 11.00 ට පමණ මෙලෙස පැනගොස් ඇත්තේ සිර අංක 16748 ඉරාන් භාරත නමැති දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. මිනී මැරීමේ චෝදනාවකට මරණීය දණ්ඩනය නියමව සිටි මෙම සිරකරුවාගේ ඇසක පැවැති තුවාලයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අක්ෂි රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස පැනගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිස් සිර මැදිරිවලට CCTV කැමරා

දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල සිර මැදිරි වලට සී.සී.ටී.වී කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති වරයාට නියෝග කර තිබේ.

පොලිස් සිර මැදිරි තුළ සැකකරුවන් විවිධ ආකාරයේන් මිය යෑම සම්බන්ධව දිගින් දිගටම පොලිසියට චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් පොලිසියේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා මෙසේ සීසීටීවී කැමරා පොලිස් සිර මැදිරි වලට සවී කිරීමට තීරණය කර තිබේ.

කෘෂි කර්මාන්තය සදහා අඩු මිළට විදුලිය

කෘෂි කාර්මික කටයුතු වලදී වතුර පොම්ප කිරිම සදහා රාත‍්‍රි 10 සිට පෙරවරු 6 දක්වා අඩු මිළට විදුලිය සැපයීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ දින (17) බදුල්ලේ පැවති ජාතික විදුලි ජංගම සේවයට එක් වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ අමාත්‍යවරයා,