මේ දිනවල රජරටට බලපා ඇති අධික නියඟය හේතුවෙන් එම ප්‍රදේශයේ ඇති වැව් සියල්ලගෙම පාහේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය වැවේ ජල මට්ටම 29%ක්, කවුඩුල්ල වැවේ ජල මට්ටම 32.6%ක්, ගිරිතලේ වැවේ ජල මට්ටම 38.8%ක්, පාරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම 49%ක් දක්වාද ජල මට්ටම පහත වැටී ඇත. මේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 25,000ක් පමණ උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා තිබේ.




