වර්තමානයේ වසර සියයක් හෝ ඊට වැඩි ගණනක් ජීවත් වන අය සිටීනම් ඒ අතළොස්සකි. ඈත අතීතයේ නම් එවන් වූ අය ගැන විශේෂත්වයක් නැත. ඒ දවස ජීවත්වූවෝ බොහෝ දෙනෙක් එම වයස් සීමාව ආසන්නයේ හෝ ඉක්මවා ජීවත් වූ නිසා වෙන්ටය.
වසර සියයක් ජීවත්වීෙම් භාග්‍ය ලත් මවක් ඉකුත් 12දා සිය දරු මුනුපුරන්, මීමුනුපුරන් ඇතුළු දරු දැරියන් එකසිය අටදෙනෙකුගේ (108) ආශිර්වාදයෙන් සිය ඡන්ම දිනය සැමරීය.




