දරු මුණුපුරෝ 108යි අම්මට වයස 100යි

වර්තමානයේ වසර සියයක් හෝ ඊට වැඩි ගණනක් ජීවත් වන අය සිටීනම් ඒ අතළොස්සකි. ඈත අතීතයේ නම් එවන් වූ අය ගැන විශේෂත්වයක් නැත. ඒ දවස ජීවත්වූවෝ බොහෝ දෙනෙක් එම වයස් සීමාව ආසන්නයේ හෝ ඉක්මවා ජීවත් වූ නිසා වෙන්ටය.

වසර සියයක් ජීවත්වී‍ෙම් භාග්‍ය ලත් මවක් ඉකුත් 12දා සිය දරු මුනුපුරන්, මීමුනුපුරන් ඇතුළු දරු දැරියන් එකසිය අටදෙනෙකුගේ (108) ආශිර්වාදයෙන් සිය ඡන්ම දිනය සැමරීය.

ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් නාමල්ට නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරන ලෙස ඊයේ ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් කොමිසමට දැන්වීය. මන්ත්‍රිවරයාට එරෙහිව චෝදනා ගොනු කිරීම ඔක්තෝබර් 3 වැනි දිනට පෙර සිදු විය යුතු බවද ශේ‍ර්ෂ්ඨාධිකරණය පැවැසීය.

ආනයනික සීනි බද්ද ඉහළට

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (15දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 1.75කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා මෙතෙක් පනවා තිබූ ශත විසිපහක බද්ද මේ අනුව රුපියල් 2/- දක්වා ඉහළ දැමෙනු ඇත.

ශිරන්තිගෙන් යෝෂිතගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

රතු කුරුස සංවිධානය විසින් ‘සිරිලිය සවිය’ ව්‍යාපෘතියට ලබා දුන් ඩිෆෙන්ඩර් රථයේ වර්ණ වෙනස් කර භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් හා බාල පුතු යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරගෙන යන බවට රහස් පොලිසිය ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය.

ටීචර් කෙනකුගේ ගල්මූසල විහිළුවක්

මිහින්තලේ තිරප්පනේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් ගල්කුලම ප්‍රදේශයේ විදුහලක ගුරුවරියක් විසින් එම විදුහලේ හතර ශේ්‍රණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි ශිෂ්‍යයකු විදුහල් බිමේ පුටුවක වාඩිකර පැයක් පමණ අව්වේ තැබූ පුවතක් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නාච්චාදුව හන්දිය ගල්කුලම පදිංචි එම ශිෂ්‍යයාගේ පියා වන එස්. වික්‍රමසිංහ මහතාගෙන් විමසීමේදී සිද්ධිය ගැන මෙසේ පැවැසීය.