ශිරන්තිගෙන් යෝෂිතගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

රතු කුරුස සංවිධානය විසින් ‘සිරිලිය සවිය’ ව්‍යාපෘතියට ලබා දුන් ඩිෆෙන්ඩර් රථයේ වර්ණ වෙනස් කර භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් හා බාල පුතු යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරගෙන යන බවට රහස් පොලිසිය ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය.

ටීචර් කෙනකුගේ ගල්මූසල විහිළුවක්

මිහින්තලේ තිරප්පනේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් ගල්කුලම ප්‍රදේශයේ විදුහලක ගුරුවරියක් විසින් එම විදුහලේ හතර ශේ්‍රණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි ශිෂ්‍යයකු විදුහල් බිමේ පුටුවක වාඩිකර පැයක් පමණ අව්වේ තැබූ පුවතක් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නාච්චාදුව හන්දිය ගල්කුලම පදිංචි එම ශිෂ්‍යයාගේ පියා වන එස්. වික්‍රමසිංහ මහතාගෙන් විමසීමේදී සිද්ධිය ගැන මෙසේ පැවැසීය.

පොලීසිය බොරු කරලා

හම්බන්තොට, බඳගිරිය වී සොරකමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලීසිය පාර්ශ්වයෙන් වරදක් සිදුවී ඇති බවත්, සිද්ධියේදී හම්බන්තොට පොලීසිය ව්‍යාජ සටහන් යොදා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්තද හම්බන්තොට පොලීසිය දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගත් බවට පොලිස් පොතේ සටහන් කර තිබෙන බවද ඔහු අද (14දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ලොහාන්ගේ මල්ලි FCID අත්අඩංගුවට

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පා.ම ලොහාන් රත්වත්තේ මහතාගේ සොයුරු චානුක රත්වත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

සරත් ආබෲ නිදොස්කොට නිදහස්

අභාවප්‍රාප්ත හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට එරෙහිව පවරා තිබූ නඩුව අවසන් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

සිය නිවසේ මෙහෙකාරියට අතවර කිරීමේ චෝදනා මත සරත් ද ආබෲ මහතාට එරෙහිව අදාළ නඩුව ගොනුකර තිබුණි.