හම්බන්තොට, බඳගිරිය වී සොරකමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලීසිය පාර්ශ්වයෙන් වරදක් සිදුවී ඇති බවත්, සිද්ධියේදී හම්බන්තොට පොලීසිය ව්‍යාජ සටහන් යොදා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්තද හම්බන්තොට පොලීසිය දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගත් බවට පොලිස් පොතේ සටහන් කර තිබෙන බවද ඔහු අද (14දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.




