පොලීසිය බොරු කරලා

හම්බන්තොට, බඳගිරිය වී සොරකමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලීසිය පාර්ශ්වයෙන් වරදක් සිදුවී ඇති බවත්, සිද්ධියේදී හම්බන්තොට පොලීසිය ව්‍යාජ සටහන් යොදා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්තද හම්බන්තොට පොලීසිය දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගත් බවට පොලිස් පොතේ සටහන් කර තිබෙන බවද ඔහු අද (14දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ලොහාන්ගේ මල්ලි FCID අත්අඩංගුවට

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පා.ම ලොහාන් රත්වත්තේ මහතාගේ සොයුරු චානුක රත්වත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

සරත් ආබෲ නිදොස්කොට නිදහස්

අභාවප්‍රාප්ත හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට එරෙහිව පවරා තිබූ නඩුව අවසන් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

සිය නිවසේ මෙහෙකාරියට අතවර කිරීමේ චෝදනා මත සරත් ද ආබෲ මහතාට එරෙහිව අදාළ නඩුව ගොනුකර තිබුණි.

දුමින්ද සිල්වා මට කෑම වික්කා - සරත් විජේසූරිය

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවී දැනට මරණ දඩුවම නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට වසර කිහිපයකට පෙර තමාට බත් පැකට් විකුණූ බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් රචිත ‘ජනඅරගලයක දිය සලකුණ’ කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (13දා) කොළඹදී එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

ලංකාවට පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කමක්

රියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ එෆ්46 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ දිනේෂ් ප‍්‍රියන්ත හේරත් සමත් විය.

මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවට හිමි වූ අතර චීනය රිදී පදක්කම හිමිවිය.මෙම පදක්කම ලබා ගැනීමට දිනේෂ් මීටර් 58යි දශම 2යි 3ක දක්ෂතාවක් දැක්වූ අතර එය දිනේෂ් ප‍්‍රියන්තගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ද වේ.