ප්‍රභාකරන් මරාදැමූ බව කී විට ෆොන්සේකා බැණවැදුණු හැටි

කුරිරු LTTE ත්‍රස්තයින් සමග පැවැති නිමාවූ යුද්ධය ආශ්‍රිත සත්‍ය සිදුවීම් ඇතුලත්කොට විශ්‍රාමලත් යුධ හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචනා කළ "රණමග ඔස්සේ නන්දිකඩාල්" කෘතිය මේවන විට දෙස් විදෙස් අවධානයට පාත්‍ර වී තිබෙනවා.

මෙම ග්‍රන්ථයට මෙවැනි වූ ප්‍රතිචාරයක් ලැබීමට විශේෂයෙන් හේතු වූයේ LTTE නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය පිළිබඳ සත්‍ය කතාව මෙහි අන්තර්ගත බව පැවසෙන බැවින්.

දුමින්ද බලන්න නාමල් වැලිකඩ යයි

මරණ දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාගේ සුවදුක් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නාමල් රාජපක්ෂ සහ ගාමිණි ලොකුගේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා. එ් ඊයේ (13) පස්වරුවේයි.

වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේදී මන්තී‍්‍රවරුන් දෙදෙනා දුමින්ද සිල්වාව හමුවී ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.

වැට් සංශෝධනයට කැබිනට් අනුමැතිය

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

සම්මත වූ නව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අනුව සියයට පහළොවේ බදු ප්‍රතිශතය නොවෙනස් වන අතර එම යෝජනා මාස 9ක පමණ කෙටි කාලයක් සඳහා වලංගු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශන වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

රවුම් ප්ලග් සහිත විදුලි උපකරණ තහනම්

2018.8.16 වන දින සිට රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වීම සහ අලෙවිය තහනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි උපකරණ භාවිතා කිරීමේදී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.

ව්‍යවස්ථා බිල්ලෙක් එපා මල්වතු නාහිමි විමල්ට කියති

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හෝඑළිදක්වා නොමැති අවස්ථාවක බොරු සැකයක් ඇති කරගෙන එමගින් රටට අහිතකර දේ සිදුවන බව කීම අනුමත කළ නොහැකි යැයි මල්වතු පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිහිප විටකදී යෝජිත නව ව්‍යවස්ථාව තුළින් බෙදුම්වාදය ඇති කරන කිසිදු යෝජනාවක් ගෙන නොඑන බවපවසා ඇතැයිද මහනාහිමියෝ එහිදීකියා සිටියහ.