දිනුවොත් වැඩි ගාණක්‌ දෙන ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුවක්‌ එයි

ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගත කිරීමේදී උපරිමය 35 කට ආසන්න සංඛ්‍යාවක්‌ පමණක්‌ තෝරා ගැනීමට නියමිතව තිබේ. ඒ අනූව අදාළ ක්‍රීඩකයන් සංඛ්‍යාව කාණ්‌ඩ තුනක්‌ යටතේ ඉදිරි සති තුන ඇතුළත වාර්ෂික කොන්ත්‍රාත්තුවකට ඇතුළත් කිරීමට නියමිතය. කොන්ත්‍රාත්තුවට ඇතුළත් වන ක්‍රීඩකයන්ට දිනන විට වැඩි මුදලක්‌ එන ක්‍රමයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සකස්‌ කර තිබීම විශේෂත්වයකි.

නව ක්‍රිකට්‌ පරිපාලනය පැමිණීමෙන් පසුව මෙතෙක්‌ වාර්ෂික කොන්ත්‍රාත්තුවක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ලබා නොදී තිබෙන නමුත් ඉදිරි සති දෙක තුන ඇතුළතදී ක්‍රමවත් කොන්ත්‍රාත්තුවක්‌ සඳහා ක්‍රීඩකයන් පිරිසක්‌ තෝරා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

මේජර් විමල්ගේ දඩය ගෙවන්න ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් වෙයි

වසර 18කට පෙර ක්‍රියාන්විතයේ යෙදී සිටියදී කදවුරකින් පැන ගිය එල්ටීටීඊ සාමාජිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ යුද හමුදා මේජර් විමල් වික්‍රමගේට එම එල්ටීටීඊ සාමාජිකයාගේ ඥාතීන් වෙත ගෙවීමට අධිකරණයෙන් නියමවූ රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල ගෙවා දැමීමට ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරි කමිටුව ඉදිරිපත්ව සිටී.

ඒ අනුව අද (13දා) උදෑසන 7ට හෝමාගම නගරයේ ධර්මපාල පිළිරුව අසලින් එම වන්දි මුදල එක්රැස් කිරීමේ කාර්යය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. 

හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් 2016

හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් 2016 සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගත් "හෝ ගාන පොකුණ" චිත්‍රපටය තවත් සම්මාන 4ක් හිමිකර ගත්තේය.

එසේම පෙරේදා (11දා) රාත්‍රියේදී ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක විචිත්‍රත්වය විදහාපාමින් "නෙලුම් පොකුණ" රඟහලේදී පැවැති රන් සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවාට සහ ජනප්‍රියම නිළියට හිමි සම්මාන දෙකම ප්‍රවේගය චිත්‍රපටයට හිමිවීමද ජනප්‍රියම ළමා නිළියට හිමි සම්මානය "හෝගාන පොකුණ" චිත්‍රපටයට හිමිවීමද විශේෂත්වයකි.

වෛරසයක් ෆේස්බුකිය කළඹයි

ෆේස්බුක් (මුහුණුපොත) වෙබ් අඩවිය මේ වන විට වෛරසයක් ඇතුලත් වී ඇති බවට වර්තාවනවා.

මෙම වෛරසය මිතුරෙකු විසින් තමන්ගේ ෆේස්බුක් වෝලය (wall) මතට එවන ලද වීඩියෝවක් ලෙස ප්‍රථමයෙන්ම ඔබට දැනුම්දීමක් (Notification) මාර්ගයෙන් දැකගත හැකිවන අතර ඔබ ඒ ලින්ක් එක හරහා ගිය විටදී ඔබගේ ගිණුම එම වෛරසයට හසුවේ.

නව ගුවන් හමුදාපති කපිල ජයම්පති

එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා එයාර් මාෂල තනතුරට පත්කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති වශයෙන් පත්කර තිබෙනවා. කැඩෙට් නිලධාරියෙකු ලෙස 1982 වසරේදී ගුවන් හමුදා දිවිය ආරම්භ කර ඇති කපිල ජයම්පති මහතා 1985 වසරේදී අධිකාරියට පත්ව තිබෙනවා.

වසර 36ක හමුදා දිවියේදී වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ සේවා පදක්කම යන හමුදා ක්ෂේත්‍රයේ ඉහළම පදක්කම් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. ඔහු කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකුද වෙනවා.