යුරේනිට lift එකේ වුන සිද්ධියේ ඇත්ත නැත්ත

මේක ඇත්තටම යුරේනි Rexona එක්ක එකතුවෙලා කරපු සමාජ පරීක්ෂණයක් නැත්තම් social experiment එකක් කියුවත් වැරදි නැහැ. හැබැයි මේ වීඩියෝ එකේ ඉන්න කට්ටියනම් මේක රඟපෑමක් කියලා දන්නේ නෑ.

දැන් ඉතින් Rexona නම කිව්ව නිසා ඇත්තටම මොකක්ද මේ වුනේ කියලා සමහර කට්ටියට හිතාගන්න පුළුවන් නේ ..

දියවැඩියාව නිසා හටගන්නා ලිංගික දුබලතාව

වර්තමානයේ ඉතා ශීඝ්‍රව පැතිර යන බෝනොවන රෝග අතර දියවැඩියාව පවතින්නේ ප්‍රමුඛ ස්‌ථානයකය. දියවැඩියාව රෝගය නිසි ලෙස පාලනය නොකිරීම නිසා බොහෝ අතුරු රෝග මතුවේ. එහි එක්‌ රෝගයක්‌ ලෙස ලිංගික දුබලතාවය හටගනී.

දියවැඩියා රෝගය නිසා මතුවන ලිංගික දුබලතාවය දියවැඩියා රෝගය නිසා මතුවන ලිංගික දුබලතාවය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද එක සමානව පීඩා ගෙනදේ.

දිගු කාලයක්‌ තිස්‌සේ දියවැඩියා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන් රෝගය පාලනය සඳහා නිසි ප්‍රතිකාර නොගන්නා විට ලිංගික දුබලතාවය අතුරු රෝගයක්‌ ලෙස මතුවේ.

තිස්‌සට නඩු

එක්‌සත් ජාතික පක්‍ෂ හිටපු මහ ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතාට එරෙහිව අධිචෝදනා තුනක්‌ යටතේ නීතිපතිවරයා විසින් ඊයේ (9 දා) පස්‌වරුවේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

2014.12.22 වැනිදා කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එවකට විපක්‍ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්‍ෂයේ ජනාධිපති අපේෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා අතර රහස්‌ ගිවිසුමක්‌ ඇති බවට ප්‍රකාශ කිරීම මගින් ජනාධිපති මැතිවරණ පනත හා දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකළේ යෑයි එමගින් චෝදනා නගා තිබිණි.

පාර්ලිමේන්තුවට සතියක නිවාඩුවක්

පාර්ලිමේන්තුවේ විද්‍යුත් තාක්ෂණික පද්ධතිය නවීකරණය කිරීම සඳහා ඔක්තෝබර් මාසයේ සභා රැස්වීම් කටයුතු එක් සතියකින් කල් දැමීමට පක්ෂ නායකයෝ තීරණය කර තිබේ.

සභාවේ ශබ්ද විකාශන පද්ධතිය, විද්‍යුත් ඡන්ද ක්‍රමය, විද්‍යුත් මයික්‍රෆෝන පද්ධතිය සකස් කිරීම සඳහා මෙලෙස පාර්ලිමේන්තු රැස්වීම් කල් තැබෙනු ඇත. ඔක්තෝබර් මස පළමු සතියේ රැස්වීම් පැවැත්වීමෙන් පසුව දෙවන සතියේ 18දා සිට 21 දා දක්වා පැවැත්වීමට යොදා ගෙන සිටි රැස්වීම් කටයුතු 25දා සිට 28දා දක්වා කල් තැබිමට නියමිතය.

T20 තරගාවලියත් ඔස්ටේලියාව ජය ගනියි

සත්කාරක ශ්‍රී ලංකාව සමගින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවති දෙවැනි හා අවසන් පන්දුවාර විස්ස තරගයෙන් කඩුළු 4 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාවන සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඔවුන් සමත් විය.

ලකුණු 129 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවන් පන්දුවාර 17.5 කදී කඩුළු 6 ක් පමණක් දැවී සිය ඉලක්කය පසු කර යාමට සමත් විය.