කළුබෝවිල තෙමහල් නිවසක් ඇද වැටුණ හැටි (video)

අද (9) පස්වරුවේ දෙහිවල කළුබෝවිල ප‍්‍රදේශයේ අලූතින් ඉදිකරමින් පැවති තෙමහල් නිවසක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ඉදිකිරීම සිදු කිරීමේදී ශක්තිමත් පදනමකින් තනා නොතිබීම නිසා මෙම නිවස පැත්තකට ඇලවී ඇද වැටී තිබෙන අතර මේ හේතුවෙන් අසළ නිවාසයකටද අලාභ හානි සිදුව ඇත. නිවස කඩා වැටෙන්නට ආසන්නයේ ඇතුළත සිටි පිරිස් ඉවත්වූ නිසා කිසිවෙකුට තුවාලයක් සිදුවී නැත.

පස්වරු 3 ට පමණ ඇතිවූ සිද්ධිය අවස්ථාවේ පටිගතවූ වීඩියෝව පහතින්


හරීන් සමග සිටින ඡායාරූපය ගැන පියුමි කියන කතාව

ඇමති හරීන් ප්‍රනාන්දු සමග පියුමි හංසමාලි පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් මේ වන විට කිසියම් පිරිසක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා සමීපව සිටින මෙම ඡායාරූප පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවිවල ඇත්තේ දැඩි කතාබහක්.මෙම ඡායාරූප සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් පියුමි හංසමාලි කරන ලද ප්‍රකාශයක් ද මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

දැරියන් දෙදෙනකු බරපතළ ලිංගික අතවර

වයස අවුරුදු හතරහමාරක සහ අවුරුදු හයක එකම පවුලේ දැරියන් දෙදෙනකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළා යැයි කියන 55 හැවිරිදි අයකු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අසල්වැසියකු වන ඔහු උක්ගස් දෙන්නම් යැයි රවටා ගෙන මේ දැරියන් දෙදෙනා ඔවුන් පදිංචි ලයිම් පේළිය අසල හරක් පට්ටියක් වෙතට කැඳවාගෙන ගොස් මේ අපරාධය සිදුකොට ඇතැයි කීය.

සිසුවියකට ගුරුවරියක පහරදී රෝහලේ

සූරියවැව ජාතික පාසලේ හය ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ සිසුවියකට පන්ති භාර ගුරුවරියක කළ පහරදීමක් හේතුවෙන් පෙරේදා (7දා) රෝහල් ගත කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

රෝහල් ගතකර ඇත්තේ සූරියවැව ජාතික පාසලේ හය වසරේ ඉගෙනුම ලබන වෙල්ලප්පිලි ආරච්චිගේ ඉසුරි පබසරා නමැති 11 හැවිරිදි දැරියකි. ඇය මේ වන විට සූරියවැව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය පිළිබඳව දැරිය මෙසේ පැවැසුවාය.

දුමින්දයි චමින්දයි පල්ලෙකැලේ හිරගෙදරට

භාරත ලක්‍ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ මරණීය දඬුවම නියම වූ විත්තිකරුවන් පස් දෙනා අතරින් තිදෙනෙකු වැලිකඩටත් දෙදෙනෙකු පල්ලෙකැලේ (පෙර බෝගම්බර) සිරගෙදරටත් යැවීමට ආරක්ෂක හේතූන් මත බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ඇතැයි වාර්තාවේ.

එම දෙදෙනා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා හා චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද)ය. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සාමාජිකයන්ගෙන් එම දෙදෙනාට අනතුරක්
සිදුවේය යන හේතුව මත ඔවුන් එසේ ස්ථාන මාරුකර හැරීමට තීරණය කර ඇති බවද දැන ගැනීමට තිබේ.