Sep92016

දැරියන් දෙදෙනකු බරපතළ ලිංගික අතවර

වයස අවුරුදු හතරහමාරක සහ අවුරුදු හයක එකම පවුලේ දැරියන් දෙදෙනකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළා යැයි කියන 55 හැවිරිදි අයකු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අසල්වැසියකු වන ඔහු උක්ගස් දෙන්නම් යැයි රවටා ගෙන මේ දැරියන් දෙදෙනා ඔවුන් පදිංචි ලයිම් පේළිය අසල හරක් පට්ටියක් වෙතට කැඳවාගෙන ගොස් මේ අපරාධය සිදුකොට ඇතැයි කීය.

වතු කම්කරුවන් වන මේ දැරියන්ගේ මවුපියන් මේ දරුවන් දෙදෙනා නිවෙසේ තනි කර රැකියාවට ගොස් සිටියදී මෙය සිදුවී තිබේ.

වෙනදාට කලින් නිවෙසට පැමිණි පියා දරුවන් ගැන සොයා බලන විට ‍ෙදාර වසා තිබෙන හරක් පට්ටිය දෙසින් ඇසුණු අමුතු ශබ්දයක් ගැන විමසිලිමත් වන විට මේ සිදුවීම දැක පොලිසියට පැමිණිලි කොට තිබේ.
නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබෙන දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට භාජන කිරීමට නියමිතය.

Comment (1)

Loading... Logging you in...
  • Logged in as
දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර (පුවතක් Gossips lanka)මිට පෙර කපුවෙකුත්,චිවරදාරියෙක්,ගැනත්,මෙි සතියෙම පලවුනා.!!!!!!!!අතිගරු වන්දනිය පුජනිය මහානාහිමිවරුනි, පුජකතුමනි, ,අරබල,මෙි බල,හිමිවරුනි, ජනපතිතුමනි,අගමැතිතුමනි,අැමතිතුමනි,මංතිුතුමනි,පොලිස්පතිතුමනි,ගරු අගවිනිසුරුතුමනි,නිති විෂාරදතුමනි, අර,, වංශ,මෙි වංශ,අර පිල මෙි පිල,ගමෙිපිල, හැම රාජ+පකෂ,අයටම කියන වගනමි,දෙමළද සිංහලද, වෙනත්ද නෙසිතා මෙිවාට උපරිම දඬුවමි දිමට සැවම එකතුවිය යුතු කලය එලඹ අැත.මමද දරු දෙදෙනකුගේ පියෙකි,ජනපතිතුමනි ,ගරු ඔබතුමාගේ ඔබතුමාගේ විශේෂ අවදානය පිනිසයි. බලමු කැමති අකමැති පිරිස.

Post a new comment

Comments by