නදීෂා හේමමාලිගේ විවාහය අදයි

Nadeesha Hemamali  Wedding Pre Shoot
නදීෂා හේමමාලිගේ විවාහය අද (8)සිදු කිරීමට නියමිතයි.ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බතීෂ ද සිල්වා සමග ඇය විවාහ වන බව සමීපතම ආරංචි මාර්ග සඳහන් කළා.

නදීෂා හේමමාලි සහ බතීෂ ද සිල්වාගේ හිතවත් පිරිසට පමණක් මේ සඳහා ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.නදීෂාගේ නිවසේ පැවැත්වෙන මෙම උත්සවයේ දී විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදු කිරීමට නියමිතයි.

ඩිල්ෂාන් වෙනුවෙන් මාලිංග සුදානම්

අවස්ථාවක් ලැබෙන්නේ නම් ඩිල්ෂාන්ගේ අවසන් පන්දුවාර විස්ස තරගයේදී ඔහු වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

“2010 වසරේ මුරලි අයියගේ අවසන් ටෙස්ට් තරගයේදී මට කිව්වා මාලි මැච් එකක් ගහමු කියලා. මම කිව්වා ගහමු කියලා. මම ඒ වෙද්දී අවුරුදු 2ක් විතර ටෙස්ට් ක්‍රිකට් ගහලා තිබුණේ නැහැ.

නාඋයනේ අරියධම්ම නාහිමියන් අපවත්වෙයි

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් ස්වාමීන් වහන්සේ අපවත් වී තිබේ.

අපවත් වන විට උන්වහන්සේ වසර 79ක් ආයු වළඳා තිබුණි.

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 12වෙනිදා කොළඹ 07නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය.

මහකොමසාරිස්‌ට පහර දුන් කල්ලියේ නායකයා අල්ලයි

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ඉබ්‍රාහිම් අන්සාර් මහතාට පහරදීම මෙහෙයවූ ඊළාම් කල්ලියේ නායකයා ඊයේ (05 දා) බුකිම් සෙන්වෝසා ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

41 හැවිරිදි වියේ පසුවන්නකු වන මොහු නාම් තමිලර් නමැති කොටි හිතවාදී සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු බව හෙළි වී තිබේ.

නාමල් මෝටර් රථය ලක්ෂ 80කට විකුණලා

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ‘ෆෝඩ් මස්ටැංග්’ මෝටර් රථයක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ(05) පස්වරුවේ කඩුවෙල ප‍්‍රදේශයේ ගරාජයක තිබියදී සිය භාරයට ගත්තේය.

එම මෝටර් රථය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් මිලදී ගත් ව්‍යාපාරිකයාද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබිණි.