නාඋයනේ අරියධම්ම නාහිමියන් අපවත්වෙයි

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් ස්වාමීන් වහන්සේ අපවත් වී තිබේ.

අපවත් වන විට උන්වහන්සේ වසර 79ක් ආයු වළඳා තිබුණි.

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 12වෙනිදා කොළඹ 07නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය.

මහකොමසාරිස්‌ට පහර දුන් කල්ලියේ නායකයා අල්ලයි

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ඉබ්‍රාහිම් අන්සාර් මහතාට පහරදීම මෙහෙයවූ ඊළාම් කල්ලියේ නායකයා ඊයේ (05 දා) බුකිම් සෙන්වෝසා ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

41 හැවිරිදි වියේ පසුවන්නකු වන මොහු නාම් තමිලර් නමැති කොටි හිතවාදී සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු බව හෙළි වී තිබේ.

නාමල් මෝටර් රථය ලක්ෂ 80කට විකුණලා

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ‘ෆෝඩ් මස්ටැංග්’ මෝටර් රථයක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ(05) පස්වරුවේ කඩුවෙල ප‍්‍රදේශයේ ගරාජයක තිබියදී සිය භාරයට ගත්තේය.

එම මෝටර් රථය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් මිලදී ගත් ව්‍යාපාරිකයාද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබිණි.

ලංකාවේ විස්සයි20 වාර්තාවත් බිඳ වැටෙයි

විස්සයි20 පිටියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණයට ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ ලකුණු 260ක වාර්තාව ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිවමය බිඳ දැමීය.

ඒ අනුව එක්දින පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කරමින් තබා තිබූ වාර්තාව මෙන්ම විස්සයි20 වාර්තාවද දින කිහිපයක් තුළ බිඳ වැටුණි.

අම්මට **** කොල්ලෝ ටික මං කියද්දි කියන්න

ඉකුත් කාලය පුරාවටම සිංහල රැප් යැයි පවසමින් කුඩා දරුවන් අසභ්‍ය වදන් කියමින් කළ රැප් වීඩියෝ අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්වුණා.

මොවුන් මෙහිදී පවසන අසැබි වදන් නිසාම මොවුන්ට සිඟිති පාතාලය යන නමද පටබැඳුනා.කෙසේ වෙතත් මෙම දරුවන් මේ ආදර්ශය ගන්නේ කාගෙන්ද?රැප් යැයි කියමින් කුනුහරප කීමේ සංස්කෘතියක් නිර්මාණය කළේ කවුරුන්ද?