ලංකාවේ විස්සයි20 වාර්තාවත් බිඳ වැටෙයි

විස්සයි20 පිටියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණයට ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ ලකුණු 260ක වාර්තාව ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිවමය බිඳ දැමීය.

ඒ අනුව එක්දින පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කරමින් තබා තිබූ වාර්තාව මෙන්ම විස්සයි20 වාර්තාවද දින කිහිපයක් තුළ බිඳ වැටුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්නියාවට එරෙහිව ලකුණු 260ක් රැස්කරමින් එම වාර්තාව පිහිටුවිය. ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු තුනට ලකුණු 263 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 145ක් රැස්කළේ පන්දු 65කිනි. විස්සයි20 ජාත්‍යන්තර පිටියේ පිතිකරුවෙකු රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය වෙයි.